ඩෙවන් දිය ඇල්ලෙන් පහළට පැන මිය ගිය කාන්තාවගේ මල සිරුර සොයාගත් බව පතන දිඹුල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ. ආනන්දසිරි මහතා පවසයි.
පවුල් ආරවුලක් මත පතන බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක් වයැසැති සිවුදරු මවක් වන ලෙච්චමුන් නිසාන්තනි නැමති කාන්තාව අද (22දා) සිය දිවි හානි කර ගැනිම සඳහා ඩෙවන් දිය ඇල්ලෙන් පහළට පැන්න බවට එම කාන්තාවගේ දියණියක් පතන දිඹුල පොලිසියට පැවසු බවත් ඒ පිළිබඳව පොලිස් නිලධාරින් පරික්ෂණ ආරම්භ කල බවද ඔහු පැවසිය.
එම පරික්ෂණ මත කාන්තාවගේ මල සිරුර සොයා ගැනිම සඳහා පොලිස් නිලධාරින් පරික්ෂණ ආරම්භ කළ බවත් ඒ අනුව මල සිරුර ඩෙවන් දිය ඇල්ල පාමුල තිබි සොයා ගත් බවත් එම මල සිරුර අධිකරණ වෛද්‍ය පරික්ෂණ සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බවත් ආනන්දසිරි මහතා වැඩි දුරටත් පැවසිය.
චන්ද්‍ර සෙල්ලහේවා හැටන්