යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ ඉඩම් අහිමි වූ පවුල්වල වැසියන් යලි පදිංචි කල මල්පෝරුව ග්‍රාමයේ පඹුරුගස්වැව විද්‍යාලයට එල්ල වූ වල් අලි ප්‍රහාරයෙන් සිදු වූ හානිය දැක බලා ගැනීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (20) පස්වරුවේ එම විද්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය.
ඊට පෙර දින රාත්‍රියේ එල්ල වූ මෙම වල් අලි ප්‍රහාරය නිසා එම විද්‍යාලයේ වටා ඉදිකර ඇති ආරක්ෂිත අලි වැට, පාසල් ආරක්ෂක වැට හා විද්‍යාලයේ ගොඩනැගිලි කීපයකටද හානි සිදුව තිබුණි.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රැස්ව සිටි ගම් වැසියන් සමඟ සුහද කථා බහක නිරත වීමටද ආණ්ඩුකාරවරිය කටයුතු කළාය.
එහිදී එම වැසියන්ගේ ප්‍රධාන ඉල්ලීම වූයේ අලි වැට ආරක්ෂා කිරීම සඳහා ස්ථීර ආරක්ෂක නිළධාරීන් යෙදවීමට කටයුතු සලසා දෙන ලෙසයි.
එම අවස්ථාවේදී ආණ්ඩුකාරවරිය කියා සිටියේ හැකි ඉක්මනින් මෙම ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක මුර කුටියක් ඇති කිරීමට කටයුතු කරන බවය.
ඒ පිලිබඳව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමුව ඇති බවද ඇය කියා සිටියාය.
මේ අතර වල් අලි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් හානියට ලක්වූ ගොඩනැගිල්ල යලි පිළිසකර කර දෙන ලෙසද ආණ්ඩුකාරවරිය බළධාරීන්ට නියෝග කළාය.
මෙම අවස්ථාවට ගෝමරන්කඩවල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ.පී.සී.කේ.පියලත්, නියෝජ්‍ය අධ්යක්ෂ යූ.ජී.වී. ඩී.සිරිවර්ධන මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.