ඩෙල්ෆ් ජැටිය ආසන්නයේ නිවසක පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙකෙු හා කාන්තාවන් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී සහාසික ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
එසේම බරපතල තත්ත්වයේ සිටි තවත් කාන්තාවක් ප්රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ රාත්රී කාලයේ හා අද අලුයම් කාලයේදී මෙම ඝාතන සිදුව ඇති අතර මරණකරුවන් හා මරණකාරියන් වැඩිහිටි වයස්වල පසුවූ ඥාතීන් වෙයි.
ඝාතනවලට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.