ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊෙය් රාත්‍රී පැමිණ තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය 04/21 දින සවස 06.27 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .
ඒ.- 330 එයා බස් වර්ගයේ මෙම ගුවන් යානය තුළ මගීන් 256 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 14 දෙනෙකු සිට තිබේ .
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී පැය 01 විනාඩි 06 කට පසු , ගුවන් යානය තුළ වායු පීඩනය අඩු වීම නිසා යළිත් ආපසු හරවා කටුනායක ගුවන් තොටුපළ වෙත 04/21 දින රාත්‍රී 07.33 ට ගොඩ බස්වා තිබේ .
ඉන්පසුව එම ගුවන් යානයේ සිටි ගුවන් මගීන් , ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් වෙත යොමු කර තිබේ .
මෙම ගුවන් යානය මේ වනවිට අවශ්‍ය කාර්මික නඩත්තු කටයුතු සිදු කරමින් ශ්‍රී ලන්කන් ඉංජිනේරුවරුන් පිරිසක් අලුත්වැඩියා කරමින් සිටිති .
මෙම ගුවන් යානය වෙනුවට , ඒ.- 330 එයා බස් වර්ගයේ වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යොදවා මෙම මගීන් පිරිස 04/22 දින දහවල් 11.33 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ .