නානුඔය දුම්රිය ස්ථානය සිට නුවරඑළිය හා රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් කඩිනමින් ඉදිකිරීමට සූදානම් බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසිය.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ නිල සංචාරයක ඊයේ (21) දින නිරතවිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදි වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අවශ්‍යතාවය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ කාලයේ දී ක්‍රියාත්මක වුණු නුවරඑළිය හා කඳපොල දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බවත්, ඒ සඳහා නව දුම්රිය මාර්ග සකස් කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් කරන බවයි.
තවද නුවරඑළියේ සිට කොළඹ දක්වා එළවළු ප්‍රවාහනය කිරීම සඳහා නානුඔය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආර්ථික මධ්‍යස්ථාන ශාඛාවක් ස්ථාපනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
නානුඔය දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරිමට සිටි විදේශිකයන් සමග සුහද පිලිසදරක යෙදුණු අතර, නානුඔය දුම්රිය ස්ථානයට ළගා වි තිබු දුම්රිය රියදුරන් සමගද අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වුවහ.
මෙම සංචාරයට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක , දුම්රිය සමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්.ගුණසිංහ ඇතුළු දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් රැසක් සහභාගි විය.
හැටන් රංජිත රාජපක්ෂ