ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වෘත්තීය සමිති සමග සාකච්ඡාවක්
විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමට විදුලිබල මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති 31ක නියෝජිතයන් සමග ඊයේ (20දා) සවස සාකච්ඡාවක් පැවැත්වූ ලැබූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
මෙහිදී විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව යෝජිත රජයේ ප්‍රතිපත්තිය, මාර්ග සැලසුම සහ කාල රාමුව පිළිබඳව දැනුවත් කරන ලද බව අමාත්‍යවරයා පැවැසීය.
එම ක්‍රියාවලියේදී සිදු කිරීමේදී විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම වෙන් කිරීම, ජනන සමාගම් සහ බෙදා හැරීමේ සමාගම් ලෙස පරිවර්තනය, මානව සම්පත් කළමනාකරණය, සේවක අර්ථසාධක සහ විශ්‍රාම වැටුප් පිළිබඳව අනුගමනය කරන ක්‍රියාවලිය, අතිරික්ත සේවකයන් වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාවලිය, කළමනාකරණ ව්‍යුහය සහ සැලසුම සහ යෝජිත ප්‍රතිව්‍යුහගත කාර්යාංශය පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ බව අමාත්‍යවරයා පැවැසීය.
මෙම අවස්ථාවට ප්‍රතිව්‍යුහගත කමිටු සාමාජිකයන්ද සහභාගී වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

popular news
-
Demuni Uduwara Saturday, 22 April 2023 09:47 PM
We seek Unions' response to discussion they had with the Minister who detailed the proposed restructure to them.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

