ලබන 25 හෝ 26 වැනිදා ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේදී ගෙන ඒ්මට නියමිත පනත් කෙටුම්පත් පිළිබදව සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කිරීම සදහා උන් වහන්සේලා බැහැදැකීමට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදීය.
එහිදී මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙත කරුණු පැහැදිලි කරමින් හා මාධ්‍ය වේදීන් විසින් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙමින් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.
ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය,ප්‍රංශය,ජර්මනිය ,ඉන්දියාව වැනි රටවල්වල අපේ රටට වඩා ප්‍රබල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් පවතින නමුත් ඇතැම් විදේශිය රටවල් මානව හිමිකම් සුරක්ෂිත කරන ආකාරය හා ත්‍රස්ත විරෝධි පනත් පිළිබදව අපිට ඉගැන්වීමට කටයුතු කරමින් සිටින බවත්, ලෝකයම පිළිගත් ආකාරයේ පිළිගත් ක්‍රමවේදයන් අනුව නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සකස් කර ඇති බවත්, අධිකරණ අමාත්වරයා සදහන් කළේය.
නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් වෘත්තිය සමිති අයිතිවාසිකම් ,මාධ්‍ය අයිතීන්, අරගල වැනි දේ මර්දනය වන බවට පවසමින් ඇතැම් පිරිස් ජනතාව මුළාවට පත් කරමින් සිටින බවත්, නව පනත් කෙටුම්පත පිළිබදව විවේචන කරනු ලබන පිරිස් ඇතුළත් විය යුතු සංශෝධන පිළිබදව යෝජනා ඉදිරිපත් නොකරන බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ මුලික අරමුණ වුයේ ජනතාවගේ ජීවිත දේපල අයිතිවාසිකම් හා රටේ භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය සුරක්ෂිත කිරීමට වන අතර ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය වැනි විදේශිය රටවල් වල සංවිධානාත්මක අපරාධ කිරීම සමුහ ස්ත්‍රී දුෂණ වැනි ක්‍රියාවන් සදහා ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඩුවම් ලබා දෙන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
නව පනත් කෙටුම්පත පිළිබදව විවේචන චෝදනා එල්ල කරමින් කටයුතු නොකර සිදු කළ යුතු සංශෝධන පිළිබදව වු යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බව සදහන් කළ අධිකරණ අමාත්වරයා රැදවුම් නියෝග සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා මහෙස්ත්‍රාත්වරයාට ලබා දී ඇති බලය පිළිබදව එකග නොවන්නේ නම් එම බලතල ආරක්ෂක අමාත්‍යවරයා සතුවම තැබිය හැකි යැයිද පැවසීය.
ලොව ප්‍රබල රටවල් වන ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි රටවල පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ දැඩි නීති රිතී පිළිබදව විවේචන ඉදිරිපත් නොකරන ක්ෂමා සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන අප වැනි කුඩා රටවල් ගෙන එන මෙවැනි පනත් විවේචනය කිරීම කණගාටුදායක කාරණයක් බව ද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පැවසීය.
රට විවිධ ආකාරයෙන් කඩා කප්පල් කිරීමට විවිධ පාර්ශව උත්සාහ කරමින් සිටින බැවින් ඒ් සදහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව පැවසු අධිකරණ අමාත්වරයා රජයට අවශ්‍යව ඇත්තේ ජාතින් අතර ජනවාර්ගික සමගිය ඇති කිරීම බව ද මෙහිදී අවධාරණය කළේය.
අති පුජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සදහා සංශෝධන ඇතුළත් කිරීමට රජය කටයුතු කරන බවත්, සියලු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම පනත සම්මත කර ගැනීම සුදුසු බවට මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුශාසනා කළ බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.