අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් ( Julie j. Chung) මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ ( 20) සිදුවිණි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබදව හා මේ වන විට ශ්‍රී ලංකාව විසින් අත් කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යතුමා විසින් තානාපතිනිය දැනුවත් කළේය.
දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගෙන ඒමේ රජයේ අරමුණු වුයේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම බවත්, මානව හිම්කම් කඩවීමට ඇති අවස්ථාවන් නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මගින් අවම කර ඇති බවත්, අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
වත්මන් රජය විසින් මේ වන විට ජනතාවගේ ආරක්ෂාව ආර්ථික තත්වය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති වැඩ පිළිවෙළ අගය කරන අතර, ආර්ථික අර්බුදය සදහා මුහුණ දුන් ලෝකයේ සෙසු රටවල් පිළිබදව සළකා බැලීමේදී මේ තරම් කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට කටයුතු කිරීම පිළිබදව සිය සතුට පළ කරන බව ද තානාපතිනීය මෙහිදී සදහන් කළාය.