බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පී. පොහොර මිටියක මිල රුපියල් 4500කින් අඩු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැන ඉදිරි අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. මේ වනවිට වෙළඳපොලේ එම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක මුදලකට අලෙවි වෙයි.