මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
ප්‍රතිත්‍රස්ත පනත ඇතැම් ඇතැම් වගන්ති මගින් ප්රජාතන්ත්රවාදයේ මූලික අංග වන රට වැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ උද්ගතව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
මේ අනුව රටේ පවතින ගැටලු හා මහජන අවශ්‍යතාවයන් පිළිබඳ අවධානය යොමු කරමින් පුළුල් සමාජ සංවාදයක් ඇති කොට විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතේ නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බවද උන්වහන්සේලා යොමුකළ ලිපියේ දැක්වෙයි.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානායක හිමියන්, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දොඩම්පහල ශ්‍රී චන්දසිරි මහානායක හිමියන් හා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහනායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

