කාන්තාවක් මීටර් 97 ක උසකින් සමන්විත පතන, ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට අද (22) පැන ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.
මෙසේ දිය ඇල්ලෙන් පහළට පැන ඇත්තේ බෝගහවත්ත ප්රදේශයේ පදිංචිව සිටි නිශාන්තනී (34) නැමැති විවාහක කාන්තාවක් බවට පොලීසියට ඇගේ දියණියක පැමිණි කොට ඇතැයි පොලීසිය පවසයි.
පවුල් ආරාවුලක් මුල්කර ගනිමින් මෙම කාන්තාව මෙසේ දිය ඇල්ලනේ පහළට පැන ඇතැයි පොලීසිය කියයි.
දිය ඇල්ලෙන් පහළට පනින ලද කාන්තාව සොයා මෙහෙයුම් ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳව දිඹුලපතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ / රංජිත් රාජපක්ෂ