මුලතිව්,කේපාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී කඩාවැටීමෙන් එයට යටවූ වයස අවුරුදු තුනක දරුවෙකු ඊයේ (14) දින ජිවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලිසිය පවසයි.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිළ වශයෙන් දැනුම් දී ඇත.
Read Moreවෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පි ඩි අබේරත්න මහතා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය
Read Moreමෙම වසරේ (2023) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝබර් මස 15 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
Read Moreමෙරට පාරිභෝගික ජනතාවගේ ඉහළ ඉල්ලුමක් ඇති “මැන්ඩරින්” දොඩම් සඳහා වගා කළාපයක් හඳුන්වාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙම වගා කළාපය මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කයන් මුල්කර ගනිමින් ස්ථාපිත කිරීමට සැළැසුම් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
Read Moreදියුණු වී ඇති සෑම රටක් ම ඉදිරියට ගොස් ඇත්තේ නවෝත්පාදන සමග බවත් විවිධ ආක්‍රමණවලට පෙර පරිසරයත් සමග බද්ධ ව මුසු කරගත් විද්‍යාව, තාක්ෂණය වැනි විෂය මූලික ව ගොඩනැගුණු දියුණු ශිෂ්ටාචාරයක සිටි අප අනතුරු ව වෙනත් රටවල වුවමනාවන් පිරිමසාලන පරිදි ගොඩනගා දුන් සමාජ ආර්ථික හා අධ්‍යාපන ගමන් මාර්ගයක තවමත් ගමන් කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreවියළි ඉඟුරු සහ කහ මිලදී ගන්නා බවට මුහුණු පොතේ දැන්වීමක් පළ කල පුද්ගලයෙකු හට ඉඟුරු තොග තිබෙන බවට ඇමතුමක් ලබාදී, රඹෑව වැලිඔය හන්දියට ගෙන්වා ගෙන කැලේකට රැගෙන ගොස්, එම ගැනුම්කරු ගස් බැඳ පොලුවලින් පහරදී ලක්ෂ හතරකට ආසන්න මුදල් හා ජංගම දුරකථනයක් කොල්ලකා පලා ගිය පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (14දා) විමර්ශනයක් ආරම්භ කළ බව කල්ලංචිය පොලිසිය පවසයි.
Read Moreටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ .
Read Moreවවුනියාව දිස්ත්‍රික්කයේ පැවත්වෙන සියලු ආකාරයේ උපකාර පන්ති ඉරිදා දිනය තුළ නවතා දැමීමට උපකාර පන්ති කළමනාකරුවන් ඊයේ (14) දින වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී එකඟතාවය පළ කළේය.
Read Moreමාලි රාජ්‍යෙය් සාමසාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා යුද හමුදාවේ සංග්‍රාමික රථආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ත්‍රස්ත සංවිධානයක් විසින් වලදමන ලද කිලෝ 20 ක් බරැති විශාල බෝම්බයක් සොයාගැනීමට සමත්ව ඇතැයි යුදහමුදාව පවසයි.
Read Moreවෑන් රථයකින් පැමිණි බීමත් පුද්ගලයන් පිරිසක් පදවිය අලිවංගුව ප්‍රදේශයේ දී නීතිඥවරයෙකුට යතුරු පැදි හිස්වැසුම් වලින් සහ අතින් පයින් දරුණු ලෙස පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස, කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා විසින් පදවිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාර සිරි මහතාට නියෝග කළේය.
Read Moreදොඹගහවෙල පොලිස් වසමට අයත් නුගගහකිවුල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13 වයසැති දැරියකට ඉකුත් දහවෙනිදා ඇයගේ පෙම්වතා නිවසට පැමිණ දැරියට සහ දැරියගේ මවට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බියටපත් දැරිය එදින සවස නිවැසියන්ට නොදන්වා නිවස ආසන්නයේ කැළෑවකට ගොස් ගල්ගුහාවක තනිව රැයක් ගතකොට නිවසට පැමිණ ඇතැයි දොඹගහවෙල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට සර් විලියම් ග්‍රෙගරි , සැමුවෙල් බේකර් යන ආන්ඩුකාරවරුන් යටතේ නුවරඑළිය නගරය පාලනය වූ සමයේ සිටම තැපැල් කාර්යාලයක් ලෙස පැවත එන නුවරඑළියේ අනන්‍යතාව සලකුණු හැටියට හඳුන්වනු ලබන වර්තමාන නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් බවට පත් කිරීමේ රජයේ යෝජනාවට නුවරඑළියේ ස්වේච්ඡා සංවිධාන රැසක, තැපැල් සේවකයන්ගේ හා මහජනතාවගේ දැඩි විරෝධය.
Read Moreඇමෙරිකාවේ සිට ක්‍රියාත්මක සෞඛ්‍ය කේන්ද්‍ර කරගත් සහන සහ සංවර්ධන සංවිධානයක් වන ඇමෙරිකෙයාර්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 3ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ. මෙහි රුපියල් වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියනකට ආසන්න වෙයි.
Read Moreපිපිරීමේ උපකරණයක් යොදා ගනිමින් පිපිරීමක් සිදුකරගෙන මැණික්හින්න, ගල්කඩුව ප්‍ර දේශයේදී පුද්ගයෙක් දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreඌරුබොක්ක පොලිස් වසමේ දොලමුල්ල ප්‍ර දේශයේදී අනධ්‍යන කාර්යාල සහායකවරියක් ඊයේ (14දා) දහවල් කාලයෙදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
Read Moreබොරලැස්ගමුව පොලිස්වසමේ ඇඹිල්ලවත්ත ප්‍ර දේශයේ නිවසකට පසුගිය 12දා දිවා කාලයේදී ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා රුපියල් 10,707,880ක් පමණ වටිනා දේශිය මුදල්, විදේශීය මුදල්, හා රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සේප්පුවක් කොල්ල කෑමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Read Moreමාධ්‍ය හමුව නිසා විගණකාධිපතිවරයා සහ කෝප් කමිටුව සම්බන්ධයෙන් වැරදි අදහසක් සමාජගතවූයේ නම් සමාව ඉල්ලා සිටින බව භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශය කෝප් කමිටුව හමුවේ පැවැසීය.
Read More”ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙල රටාවට ඉවුම් පිහුම්” ග‍්‍රන්ථයේ කර්තෘත්වය ප‍්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
Read Moreමාස තුනක බිළිදියක් දරුකමට හදා වඩා ගැනීීම සඳහා මුදලට ගැනීමේ චෝදනාවට වරද පිළිගත් දරුවන් නොමැති අඹුසැමි යුවළකට අත්හිටවු සිරදඩුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා රුපියල් 20000/-ක දඩයකටද ඔවුන් යටත් කළේය.
Read Moreයාපනය කොටුවේ සිට ගාල්ල කොටුව දක්වා දින තුනක් වැනි කෙටි කාලයක් තුල නොනැවතී එක දිගට පාගමනින් ගොස් ලෝක වාර්තාවක් පිහිටු වීමට බගවන්තලාවේ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් ගම්න ආරම්භ කොට ඇත.
Read Moreකළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක පි ඩි. අබයරත්න මහතා පිරිසක් බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග ක්‍රීඩක වෙන්දේසියේදි මේ දක්වා වෙන්දේසි කළ ක්‍රීඩකයන් අතරින් වැඩිම මුදල පන්දුයැවීමේ ක්‍රීඩක දිල්ෂාන් මධුශංකට හිමිවිය. ඔහු ඇමෙරිකානු ඩොලර් 92000කට මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කටයුතු කළේය.
Read More*විදේශීකයින් ලංකාවේ සේවය කිරීමේදී, එය විධිමත් කිරීම සදහාත් නියාමනය සදහාත් නීති සකස් කරනවා * කොන්දේසිවලට යටත්ව කාන්තාවන්ට රාත්‍රිෙය් සේවය යෙදීමට අවශ්‍ය ප්‍රතිපාදන නව කම්කරු නීතිය යටතේ ලබාදෙනවා
Read Moreසමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට ඔවුන් වෙනවෙන් පෙනී සිටි නීතීඥවරු කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඊයේ (14) මුලික විරෝධතාවයක් මතු කළේය.
Read Moreපසුගිය සතියේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂෂ ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මේ සතියේදී තවදුරටත් කඩා වැටීමකට ලක්වෙමින් පවතී. ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල ඊයේ දිනයට සාපේක්ෂව තවදුරටත් කාඩ වැටුණි.
Read Moreහපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී. එම්. එස්. දිසානායක මහතා ඊයේ (13දා) රාත්‍රී හදිසියේ රෝගී වී රෝහල් ගත කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත වූ බව පොලීසිය කියයි. මීපේ පාදුක්ක පදිංචිව සිටි දිසානායක මහතා මිය යන විට තිස් නම වැනි වියේ පසුවිය. දිසානායක මහතා හදිසියේ රෝගී වී බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreඅධිනීතිඥ නවීන් දිසානායක මහතා හෙට (15දා) සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ භාර ගන්නා බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.
Read Moreමාලු මිල ගණන් ඉහළ නොයාම පිනිස මාලු සුරක්ෂිතව කල් තබා ගනිමින් ඉදිරියේදී යම් පාලනයක් කිරීමට ධීවර සංස්ථාව පියවර ගනිමින් සිටින බවත් මේ වෙනුවෙන් මූල්‍ය ශක්තිය ඇතිකර තිබෙන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
Read Moreමාකොළ, දකුණු මාකොළ ලිපිනයේ පදිංචිව සිටි තිස්අට හැවරිදි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් එම ව්‍යාපාරිකයාගේ පදිංචි ඉඩමේ ඔප්පුව හා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පැහැරගත් භික්ෂුවක් ඊයේ ( 13) සැකපිට අත්අඩංගුවට ගත්බව දෙමගොඩ පොලිසිය පවසයි.
Read More