දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා ඊයේ (27දා) සිදුකළ ක්ෂණික යුක්තිය මෙහෙයුම අතරවාරයේදි පොලිස් සැරයන් වරයෙකුගේ හිසට ගල් පහර එල්ල කර පලායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් 53 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පැවසීය.
තුවාල ලද පොලිස් සැරයන් (2830) සමරජීව නිලධාරියා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත
සැරයන් වරයාට තුවාල සිදුකල ජාවාරම්කරු වන "මාළිගාවත්තේ අසිත" නැමැත්තා සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව බෝම්බයක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11500 ක් පොලිස් භාරයට ගෙන ඇත
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්රමුඛ විවිධ ශ්‍රේණි වලට අයත් නිලධාරීන් සහ නිලධාරිනියන් 42 කුගෙන් සමන්විත පිරිසක් ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණය වැටලීමත් සමගම සැකකරු එයින් පිට යාම සඳහා පැමිණීමේදී තුවාල ලද සැරයන්වරයා සැකකරුට නැවතීමට කළ සංඥාවට අවනත නොවී පලායාමේ දි සැරයන්වරයා ඔහු පසුපස හඹා ගොස් අල්ලා ගැනීමේදී වූ පොර බැඳීමත් සමඟම දෙදෙනාම බිම වැටී ඇති අතර එම අවස්ථාවේදී සැකකරු සැරයන්වරයාට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබු බව පොලිසිය කියයි
ඒ සමගම එම ස්ථානයට ළඟා වූ සෙසු නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ලකර අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත
පුරා පැය හතරක් තිස්සේ සිදු කළ එම මෙහෙයුමේදී ප්‍රධාන පෙළේ හොරයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් ඇතුළු 47දෙනකු හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 6 අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ඒ අතර කාන්තාවක්ද වන බවත් පොලිසිය කියයි
සැකකරුවන් අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය