බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ නවාතැන්පොළකට කාන්තාවක් සමග පැමිණි පුද්ගලයෙකු හදිසියේ මිය යාමත් සමගම එම කාන්තාව හොර රහසේ පලා ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් තිබුනේ බොරලැස්ගමුව වේරහැර බෝධිරාජා පුර ප්රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි
මියගිය පුද්ගලයා පලා ගිය කාන්තාව සමඟ ඊයේ (25) දහවල් ලැගුම්හලට පැමිණ ඇති අතර පැය කීපයක් ගතවෙද්දී කාන්තාව කෑ ගසාගෙන කාමරයෙන් පිටතට පැමිණ එම පුද්ගලයාට අසනීප බවට කළමනාකරුට දැනුම් දී ඇතැයි පොලිසිය කියයි
කළමනාකරු කාමරය වෙත ගොස් බැලීමේදී ඔහුගේ කටින් සෙම වැගිරී තිබෙන අයුරු දැක වහා ක්රියාත්මක වී එම පුද්ගලයා රෝහල් ගත කිරීම සඳහා ත්රීරෝද රථයක් රැගෙන ඒම සඳහා ලැගුම්හලින් පිටතට ගිය අවස්ථාවේදී එම කාන්තාව පලා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පලා ගිය කාන්තාව සොයා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය කියයි.
මියගිය අයගේ පශ්වාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී නියමිතව තිබිණි.