දිවයින පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වරද පිළිගත්තා යැයි සඳහන් වන පරිදි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කළායැයි ඇතැම් මාධ්‍යවල සඳහන් ප්රවෘත්ති සාවද්‍ය බවත් ලංකා විදුලි බල මණ්ඩලය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් ලංවිම නිවේදනයක් නිකු් කරමින් පවසයි.
ඔවුන් නිකුත් කළ නිවේදනය පහත පරිද වෙයි.....
2023-12-09 වන දින විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු දෙකක් පත් කර ඇති අතර එම කමිටු සම්බන්ධයෙන් තොරතුරු පහත පරිදි වේ.
1. අභ්‍යන්තර විමර්ශන කමිටුව (Internal Investigation Committee)
ලංවිම අතිරේක සාමාන්යාධිකාරිවරයෙකුගේ සභාපතිත්වයෙන් අභ්‍යන්තර විමර්ශන කමිටුව පත් කර ඇති අතර එහිදී එම කමිටුව විසින් ඉහත සඳහන් විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් හේතුවූ මූලික කරුණු අධ්‍යයනය කිරීම, මෙම සිදුවීමට අදාළව නිලධාරී සහ සේවක මණ්ඩලයේ ක්‍රියාපටිපාටිය අධ්‍යයනය කිරීම හා ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදුනොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා නිර්දේශයන් ඉදිරිපත් කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.
2. බාහිර විමර්ශන කමිටුව (External Investigation Committee)
තවද, 2023-12-09 වන දින සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ද බාහිර විමර්ශන කමිටුවක් පත් කර ඇත. එම කමිටුව සඳහා ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරුන්ගෙන් හා මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත්කර ඇත. අදාල කමිටුව විසින් ඉහත සඳහන් විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් පහත කරුණු කෙරෙහි අවධානය යොමුකර ඇත.
· සිදුවීමෙහි මූලාරම්භය හඳුනාගැනීම සහ තාක්ෂණික විමර්ශන කටයුතු සිදුකිරීම.
· නැවත විදුලිය ලබාදීමට ගතවූ කාලය පිළිබඳව සමාලෝචනය කිරීම.
· ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදුනොවීමට හෝ අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා නිර්දේශයන් ඉදිරිපත් කිරීම.
මෙම විමර්ශන කටයුතු අවසානයේදී අදාල කමිටුවලින් ලබාදෙනු ලබන තීරණ පිළිබඳව ඉදිරියේදී ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන බව දන්වන අතර අදාල විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළ හැකිය