රත්මලානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් කර්මාන්ත ශාලාවක දේපල සොරකම් කර රැගෙන හයාමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් එය නැවැත්වීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් දුම්රිය ආරක්ක නිලධාරියාට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර ඇත.
පසුව දුම්රිය ආරක්ෂක නිලධාරියා විසින් සැකකරුවන් දෙසට වෙඩි තැබීමක් කර ඇති අතර වෙඩි වැදීමෙන් එක් සැකකරුවෙක් තුවාල ලබා ඇති අතර අනෙක් දෙදෙනා පළා ගොස් තිබේ. තුවාලකරු අවුරුදු 51ක් වයසැති මොරටුව පදිංචිකරුවෙක් වෙන අතර ඔහු කලුබෝවිල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්රතිකාර ලබා ගනිමින් පසුවෙයි.
පළාගිය සැකකරුවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ පවත්වයි.