ඩෙංගු, සරම්ප හා කෝවිඩ් ගැන දැනුම් දීමක්
කොව්ඩ් නව ප්‍රභේදය හමුවේ වසංගත රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කිරිමට පියවර.
සරම්ප රෝගීන් වැඩිපුර වාර්තා වන දිස්ත්‍රික්ක 09 ක ළදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමේ වැඩසටහනක්.
ඩෙංගු රෝගය සහ සරම්ප රෝගය පිටුදැකීමේ වැඩපිළිවෙල පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විනි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙරට වත්මන් සෞඛ්‍ය තත්ත්වය, නව කොවිඩ් ප්‍රභේදය, ඩෙංගු රෝගය සහ දිස්ත්‍රික්ක 09 කින් පමණ රෝගීන් වාර්තා වන සරම්ප රෝගය පිළිබදව ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබදව දැනුවත්භාවය ලබාදීමට මෙම මාධ්‍ය හමුව කැද වූ බවයි.
පසුගිය කාලය තුල පැතිර ගිය උණ රෝගය හේතුවෙන් පැතිරයන කොවිඩි නව ප්‍රභේදයක් පිළිබදවත්, එම නව ප්‍රභේදය ලංකාවට ඇතුලත් වීමේ තර්ජනය සහ රෝගී තත්ත්වය මෙරට තුල පැතිර යනවා ද යන්න පිළිබදව ගැටළුව පිළිබදව කථා බහක් ඇති වූ බව ද පැවැසිය. වර්තමානයේ ඒ පිළිබදව ඉතාම විමසිල්ලෙන් පසුවන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සියළු අංශ දැනුවත් කර පසුවිපරම සදහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත්, දැනට එම රෝගී තත්ත්වය පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව ද පැවැසීය.

පසුගිය කාලය පුරාවට ඉතා හොද එන්නත්කරණ වැඩපිළීවෙලක් මෙරට ක්‍රියාත්මක වූ බැවින් හොද ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලක් රට තුල ඇති වී ඇති බවත් පැවැසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

