මුලතිව් කුඹුරක් ආසන්නයෙන් ටී.56 උණ්ඩ 4500 ක් හමුවෙයි
මුලතිව් පොලිස් වසමට අයත් වලයාර් මඩම් ප්රදේශයේ කුඹුරක් ආසන්නයේ බිම වලලා තිබු ටි-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි හයක පතුරම් 4500 ක් හමුවූ බව පොලීසිය පවසයි.
ගොවියෙකු විසින් සිය කුඹුරට පිවිසෙන මාර්ගයේ තල් ඇට සිටුවිමට පොලොව හාරද්දි මෙම පෙට්ටි දැක ඇති අතර පසුව මුලතිව් නාවික හමුදා ගෝඨාභය කදවුරට දැනුම් දිමෙන් පසු නාවික හමුදාව ඒම ස්ථානයට පැමිණ පරික්ෂා කොට ඇත.
ඒහිදී අදාල පතුරම් පෙට්ටි නිරීක්ෂණය වීමෙන් පසුව මුලතිව් පොලිසියට දැනුම් දිමෙන් පසුව පොලීසියද ඒම ස්ථානයට පැමිණ පතුරම් පෙට්ටි ගොඩට ගනු ලැබිය.
සොයාගත් මෙම පෙට්ටි විවෘත නොකල අලුත්ම පතුරම් වලින් යුක්ත වන අතර එහි පතුරම් 4500 ක් තිබුණු බවටද ඒම පතුරම් මෙලෙස වලදමන ලද්දේ කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටද පොලීසිය පවසයි.
සොයාගත් පතුරම් තොගය මුලතිව් පොලීසිය විසින් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්රීය කිරීමට පියවර ගෙන ඇතැයිද මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

