රුසියාවෙන් ආපු වෛද්‍යවරයාගේ බෑගයට සායනයට ආපු කත සුද්දයක් දාලා
පානදුර කේතුමතී කාන්තා රෝහලේ පුහුණුවකට පැමිණී සිටි රුසියාවේ වෛද්‍ය උපාධියක් හදාරන වෛද්‍යවරයෙක්ට අයත් ගමන් මල්ලේ තිබූ නවීන අයි පෑඩ් , පවර් බෑන්ක් සහ ඒටීඑම් කාඩ්පත සොරකම් කර එයින් මුදල් ලබාගත් කාන්තාවක අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 50 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කීය.
රුසියාවේ වෛද්‍ය උපාධියක් හදාරන වෛද්‍යවරයෙක් පානදුර කේතුමතී කාන්තා රෝහලේ ප්‍රායෝගික පුහුණුවක් සදහා පැමිණ සිටියදී ගමන් මල්ලේ තිබූ නවීන අයි බෑඩ් එක, පවර් බෑන්ක් එක සහ ඒටීඑම් කාඩ් පතද සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ටී එම් කාඩ්පත උපයෝගී කරගනිමින් බණ්ඩාරගම ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් මුදල් ලබාගත් බව විමර්ශන වලදී තහවුරුවීමෙන් පසු එහි ආරක්ෂක කැමරා පරීක්ෂා කර සැකකාරිය හදුනාගෙන ඇති බවත් , සොරකම සිදුවූ දිනයේ කාන්තාවක පානදුර කේතුමතී කාන්තා රෝහලේ සායනයකට සහභාගී වී ඇති බවත් තහවුරු කරගැනීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදුකල බව පොලිසිය සදහන් කරයි.
සැකකාරිය පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

