ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් විකිණීමේ වංචනික ක්‍රියාවන් දිවයින පුරා සිදුවන බවට තොරතුරු දැන ගන්නට ඇති බවත්, එවන් වංචනික ක්‍රියාවන් දැන ගන්නට ලැබුණහොත් 1931 හදිසි ඇමතුම් ඒකකයට දැණුම් දීමට කටයුතු කරන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂම සතුව ඇති ඉඩම් කට්ටි කර සුදුසුකම් ඇති අයවලුන් තෝරා ගෙන විකුණුම්කර ඔප්පුවක් මගින් පවරා දීම සාමාන්‍ය ක්‍රමවේදය වේ. එසේ විකුණුම්කර ලබා දීමට සුදුසුකම් ඇති අය තෝරා ගැනීමෙන් පමණක් පැවරීම නීත්‍යාණුකූලව සිදු කරන අතර,ඒ සදහා ඉඩම් කච්චේරියක්ද පැවැත්වීම සිදු කරයි.
ඒ අනුව නිසි ක්‍රමවේදයක් නොමැතිව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු කිසිදු ඉඩමක කොටසක් කිසිවෙකුටත් ලබා ගැනීමේ හැකියාවක් නැත.
පසුගිය දිනක කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හොලොන්ගොල්ල වත්ත නමැති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වටිනා ඉඩමක් මෙම කොමිෂමේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික ලෙස කොටස් කර අලවි කිරීමට සුදානම් වූ සිද්ධියක්ද වාර්තා වී ඇත.එම වංචනික ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් අනුව අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.
යම් ආකාරයකට දිවයිනේ කොතැනක හෝ ස්ථානයක එවන් නීතිමය නොවන ඉඩම් ගණු දෙණුවක් සිදුවන බවට දැන ගන්නට ලැබුනහොත් ඒ බව ඒ බව1931 අංකයට දැණුම් දීමට කටයුතු කරන ලෙසට මහජනතාවගෙන් ඉල්ලා සිටී.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි