පොළොන්නරුව වනජීවී කලාපයේ මේ වසරේ ගත වූ කාලය තුලදි අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත තිස් හතක් සහ වන අලි අනූහතක් වාර්තා වී ඇති බව පොළොන්නරුව වනජීවී කලාපීය තොරතුරු සංඛ්‍යා ලේඛන සනාථ කරයි.
ගිය වසරේ අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත තිස්දෙකක් සහ වන අලින්ගේ ජීවිත අසූහතරක් රටට අකාලයේ අහිමි වී තිබෙන අතර ගිය වසරට සාපේක්ෂව මේ වසරේ අලි මිනිස් ගැටුම් වල වැඩිවීමක් දක්නට ඇති බවද පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදි සඳහන් කළේය.
වන අලින්ගෙන් ගොවිපොළවල් ආරක්ෂා කර ගැනීමට නීති විරෝධී ලෙස ඇද තිබෙන විදුලි කම්බි වල දැවැටී වන අලින් මියයෑම, වනාලි දුම්රිය ගැටීම, දඩයම්කරුවන් විසින් හක්ක පටස් තැබීම හා වෙඩි තැබීම හේතුවෙන් වැඩි වශයෙන්ම වන අලි මිය යෑමට හේතුව බවද වනජීවි නිලධාරින් සඳහන් කරති.
පොළොන්නරුව වනජීවී කලාපයේ දිඹුලාගල සහ වැලිකන්ද කොට්ඨාශවල වැඩි වශයෙන් අලි මිනිස් ගැටුම් වර්ධනය වී තිබෙන අතර ප්‍රදේශයේ වනාන්තරවල ඇති ආහාර හිඟය මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ එල ගවයින් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් සැරිසරන ඇතිවන ආහාර හිඟය වන අලි ගම්වැදීමට මූලික හේතුවක් වී ඇති බවද වනජීවි නිලධාරින් ප්‍රකාශ කරති.
ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ, මහවැලි ගඟ ආශ්රිත වැලිගොඩ දැමීම,පහත් බිම් ජලයෙන් යටවීම මේ දිනවල අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක් බවද වනජීවී නිලධාරී කියති.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාදුරුඔය, ත්‍රිකෝණමඩුව, සෝමාවතිය, ජලගැලීම් නිම්න ජාතික වනෝද්යයන ඇතුළු රක්ෂිතවල සිදු කරන නීති විරෝධී වැලි ගොඩ දැමීම, නිදන් හැරීම, වනාන්තර හෙලි කිරිම ඇතුළු විවිධ අපරාධ දිස්ත්‍රික්කයේ අලි මිනිස් ගැටුමට තවත් හේතුවක් බවද වනජීවි නිලධාරින් සඳහන් කරති.
මනම්පිටිය නිමල් ජයරත්න