saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3648 hours ago

LATEST

කොරියා රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට

calendar_today 2023 ජුනි 12 - 19:45 remove_red_eye - 181  

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රැකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකර, අයදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය Upcountry Manpower ආයතනයේ හිමිකරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.06.10 දින අත්අඩංගුවට ගෙන තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, ගල්කන්ද ප්‍රදේශයේදී විදුහල්පතිවරයෙකු දුම්රියක ගැටීම හේතුවෙන් ඊයේ (11) සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

Read More

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ පොලිස් බලප්‍රදේශ 5 ක් ආවරණව වන පරිදි අද (12) අලුයම සිදුකළ පැය 3 ක විශේෂ මෙහෙයුමකින් හොරොයින් , අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝගාත්මක කාලවකවානුව කළමනාකරණය කර ගනිමින් මේ වන විට එය වඩාත් සාධනීය තැනකට ගෙන එමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාස දෙක තුළ ඖෂධ හිඟය අවම කිරීමටත්, බෙහෙත් මිල පහළ දැමීම ඇතුළු කටයුතු රාශියක් 90% කින් පමණ ප්‍රමාණයකින් සාධනීය තැනකට ගෙන ඒමට හැකි වෙතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Read More

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර තිබේ.

Read More

අම්බලන්තොට වලවේ ගඟට දිය නෑමට ගිය කාන්තාවක් කිඹුලෙක් අද (12) පස්වරුවේ ඩැහැගෙන යෑමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව අම්බලන්තොට පොලීසිය කියයි.

Read More

මෙහිදී ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසා සිටියේ, ’ඔබතුමා මට ඉතිහාසය උගන්වනවද? නැත්නම් මම ඔබතුමාට ඉතිහාසය උගන්වන්නද?’ යනුවෙනි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ඉන්දියාවේ සංචාරයකට එක්වීමට නියමිත අතර ඊට පෙර ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලි බල ජාල සම්බන්ධතාව ඇතිකර ගැනීම වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ඉදුරුව ඇටවලවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් පහරදී ඝාතතනය කළ කාන්තාවකගේ මළ සිරුරක් අද (12දා) උදේ ඇයගේ නිවස ඉදිරිපිට තිබී සොයා ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙ කඩා වැටීමක් අද දිනයේදි දක්නට ලැබුණි. ඒ අනුව පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේදී මෙම කඩා වැටීම දක්නට ලැබුණි.

Read More

දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දි රෙදි පටියකින් ගෙල වළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා පැවසිය.

Read More

යුද්දෙන් පසුව නැවත පදිංචි වූ වැසියන් වෙනුවෙන් යාපනය යුධ හමුදා කදවුරු සීමාවන්ට අයත්ව තිබු යාපනය, කන්කසන්තුරය මාන්කොල්ලෙයි වෛරව හින්දු කෝවිල් ඉඩම සිවිල් වැසියන් වෙතට ලබාදීමට පියවර ගෙන තිබුණි.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන වෙතට ජුලි 01 වනදා සිට සතියේ සිකුරාදා සහ ඉරිදා දිනයන්හි උපකාරක පන්ති නොපවත්වන ලෙසට යාපනය දිසාපති ඒ. සිවපාලසුන්දරම් මහතා දැනුම් දී ඇත.

Read More

ජනතාවට බදු සහන ලබා දෙන්නේ කෙසේදැයි මේ දිනවල රජය සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

වීරකැටිය කැප්පිටියාව ගම්මානයත් තරුණ කෘෂිව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ඊයේ (11) ආරම්භ විය.

Read More

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතර අවභෝධතා ගිවිසුමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද අත්සන් කළේය.

Read More

කොළඹ කුරුණෑගල මාර්ගයේ වරකාපොල පොලිස් වසමේ තුල්හිරිය ප්‍රදේශයේ ත්‍රි රෝද රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

එළඹෙන මහ කන්නයේ සිට යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට අඩු මුදලකට ගොවින්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

මීගොඩ ගැමුණු මාවත ප්‍රදේශයේදී බත්තරමුල්ල සමුපාකාර රක්ෂණ සමාගමේ උප සභාපතිවරයාට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර සමුපාකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

Read More

ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ලෝක ටෙස්ට් ශූරතාව ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. එංගලන්තයේ ඕවල් පිටියේ පැවැති තරගයේ ලකුණු 444ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.

Read More

අනාරක්ෂිත ලෙස ක්‍රියාත්මක කළ තණකොළ කපන මැෂිමේ තලය කුඩා දරුවකුගේ උදර ප්‍රදේශයේ ගැටී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ සීයා ඊයේ (10දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුන් පිරිසකට නවක වදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්එම පීඨයේ දෙවන වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කළ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80 ක් සපිරීම නිමිත්තෙන් ජූලි මස 01 වැනි දින පෙරවරු 10.00 සිට මහජනතාවට විවෘත දිනයක් ලෙස එහි පාලන අධිකාරිය ප්‍රකාශයට පත් කොට තිබේ .

Read More

මම එනවා ඕනෑම රටකට මට පිට රට තියෙන බැංකුවල මුදල් ආණ්ඩුවට දෙන්න කියලා දිවුරුම් ප්‍රකාශ දෙන්න. නාමල් රාජපක්ෂලා මහින්ද රාජපක්ෂ කවදාවත්ම මේ රටේ මුදල් හොරකම් කරලා නැහැ. එය අපේ මව් බිමේ යතාර්ථය දන්නවා. බොරුවට අපිට මඩ ගහනවා හොරු හොරු කියලා.

Read More

ආකර්ෂණීය පොලියක් ලබා දෙන බව පවසා ගනුදෙනුකරුවන් රවටා එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කළ බව පැවසෙන කැස්බෑව නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරිය ලබන 23දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය ඊයේ (10දා) නියෝග කළාය.

Read More

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ලේකම් විසින් පත් කරන ලද කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.

Read More

බුදුදහමට එරෙහි විග්‍රහයන් කරමින් ව්‍යාපාර ගෙන යන අයගේ කටවල් වැසීම සහ එම ව්‍යාපාර වලට මුදල් ලැබෙන ආකාරය පිළිබඳව සොයා බැලීම රජයේ වගකීමක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සහ එයින් පිටත්ව යන ගුවන් මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් (Automated Border Control Unit - A.B.C. ) ස්ථාපිත කිරීම සදහා සිංගප්පූරු සමාගම‌ක් සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ.

Read More

විදෙස්ගත ශ්‍රමිකයන් පසුගිය මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක ප්‍රේෂණ යොමුකර ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.