මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උන්හිටි දැන් දමා වන්දනාවේ හා විනෝද සවාරිවල යයි
යුක්තියේ මෙහෙයුම ආරම්භ කිරීමත් සමගම බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උන් හිටි තැන් අත්හැර පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
යුක්තියේ මෙහෙයුමට සමගාමීව එම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් ජාවාරම්කරුවන් පිළිබඳ නිවසේ සිටින ඔවුන්ගේ ළඟම ඥාතීන්ගෙන් විමසීමේදී එම පුද්ගලයන් අනුරාධපුරය, කතරගම, බදුල්ල, ඇල්ල හා පොළොන්නරුව ආදී ප්‍රදේශවල වන්දනාමාන සහ විනෝද චාරිකා සඳහා මීට දින කීපයකට ඉහතදී නිවසින් පිටත්ව ගිය බවට පැවසීමට පුරුදු වී ඇති බව දැනගන්නට ඇත
යුක්තියේ මෙහෙයුමක් සමගම බහුතරයක් පොලිස් වසම් වල නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙලෙස ගම්බිම් අත්හැර පලා යාම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල හොරයින් මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් මේ වන විටත් හටගෙන ඇති බව එම ආරංචි මාර්ග පවසයි.
මේ හේතුවෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් වෙනත් ආදේශකයන් සොයා ෆාමසි අසල ගැවසෙන බවට වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

