saravita-anim2

2026 මාර්තු මස 29 වන ඉරිදා

2026 මාර්තු මස 29 වන ඉරිදා

TOP STORY - timelapse 320 hours ago

LATEST

දිත්වා ලංකාවේ භූමියෙන් සියයට 20ක් යට කරලා

calendar_today 2026 ජන 14 - 17:01 remove_red_eye - 213  

නොවැම්බර් මස ලංකාවට බලපෑ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට 20ක් එනම් ආසන්න වශයෙන් හෙක්ටයාර් මිලියන 1.1ක ගංවතුර තත්ත්වයක් ඇතිව තිබුණ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

Read More

මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.රෝල්ස් රොයිස් සමාගමේ එකේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් එම සමාගම නිර්මාණය කරන Phantom Centenary Edition මාදිලියට අයත් මෙම මෝටර් රථ නිපදවා ඇත්තේ ඒකක 25ක් පමණි.එම ඒකක 25න් එකක් මෙසේ ඩඩ්ලි සිරිසේන මහතා මිලදී ගෙන තිබේ.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී විශේෂ වශයෙන් අවධානයට ලක්වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුව ලබා ගැනීමට පෙර පටන් ජාතික ජන බලවේගය සැලසුම් සකස් කර තිබුණ බව අමාත්‍යවරයා පැවැසීය.

Read More

ජනවරම කිසිම අයුරකින් පාවා නොදෙන බවත් ව්‍යවසනයට සියලු දේ හේත්තු කර ඇඟ බේරා නොගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. රි බිල්ඩින් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කරමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

Read More

හම්බන්තොට සයිනෝපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරනවා - ඇමති විජිත

Read More

චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ( Wang Yi ) මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා 01/12 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද එම ගුවන් යානයෙන්ම පැමිණ සිටියහ.

Read More

ශ්‍රී ලංකාවේ මන්නාරම බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවයි.

Read More

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය අද පෙරවරු 8:30ටත්‍රිකුණාමලයට කිලෝමීටර් 50 ක් පමණ උතුරින් පිහිටා තිබුණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 6 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 170ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩබෑමට ගිය සී ගුවන් යානයක් අනතුරට. ගුවන් නියමුවන් දෙදෙනා රෝහල් ගත කෙරේ.

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇතැයි අපේක්ෂ කෙරෙන බවයි.

Read More

වෙන්නප්පුව මාරවිල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් බවට සැකකෙරෙන දියරයක් පානය කිරීමෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධණය කර ති‍බේ. මෙහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරක මිල වෙනස් නොවන අතර අනෙකුත් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

Read More

රාජ්‍ය මුදල් හා දේපළ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ඔහුගේ බාල පුත්‍රයා ලබන 09 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මීට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් සඳුදා ෆෙඩරල් මෑන්හැටන් අධිකරණයේ පෙනී සිටීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. නඩු විභාගය දේශීය වේලාවෙන් 12:00 ට (GMT 17:00) පැවැත්වීමට නියමිතය. මේ අතර වෙනිසියුලාවට ඒරෙහිව යුද්ධයක් ක්‍රියාත්මක නොකරන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාක් රුබි‌යෝ පවසයි.

Read More

වෙනිසියුලාවට ඇමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අගනගරය වන කරකාස් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල ව තිබේ. වෙනිසියුලානු ජනපති නිකලෝස් මදුරෝ හා ඔහුගේ බිරිඳ මේ වන විට ඇමෙරිකානු හමුදා භාරයට ගෙන ඇති බව ඇමෙරිකානු ජනපතිවරයා පවසයි. එසේම මේ වන විට වෙනිසියුලානු ජනපති හා බිරිඳව වෙනිසියුලාවෙන් පිටකරගෙන යමින් සිටින බවද ඇමෙරිකානු ජනපතිවරයා පවසයි.

Read More

රුහුණු මහා කතරගම දේවාලය සතුව ඇති රත්තරන් සංචිතයෙන් 70%ක් පමණ ප්‍රමාණයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල REBUILDING SRI LANKA අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව කතරගම බස්නායක නිළමේ තිලිණ මදුසංක මහතා පවසයි.

Read More

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක චක්‍රලේඛය අද (2) දින නිකුත් කරන කිරීමට නියමිතය.

Read More

මේ අනුව කිලෝ 12.5 මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 4,250කි. කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයේ මිල රුපියල් 65 කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 1,710 කි.

Read More

අලුත් අවුරුදු උදාවේ රාජකාරියේ නිරතව සිටි අම්බලන්තොට පොලිසියේ නිලධාරියෙකු, අණ නොතකා ධාවනය වූ බිමත් රියදුරෙකුගේ මෝටර් රථයකට යටවීමෙන් අද (01) අලුයම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දිට්වා’ සුළි කුණාටුවෙන් පසු රට නැවත නගා සිටුවීම වෙනුවෙන් ’Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බළකාය ස්ථාපිත කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමකින් මෙම බළකාය සමන්විත වේ.

Read More

කොළඹ මහ නගර සභාවේ අය වැය පළමු වර පරාජයට පත්වීමෙන් අනුතුරුව අද ඒ් සඳහා දෙවන අවස්ථාව ලෙස අද යලි ඡන්ද විමසීමක් කර තබුනා. එය අද දිනයේදී (31) මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්ද 2කින් සම්මත වී ඇත.

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක පුහුණුකරු (Consultant Fast Bowling Coach) ලෙස හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අදාළ පත් කිරීම 2025 දෙසැම්බර් මස 15 වැනිදා සිට ක්‍රියාත්මක මාසයක සීමිත කාලයක් වලංගු වෙයි.

Read More

2026 රාජ්‍ය දින දර්ශනය අනුව මැයි මස 01 දා වෙසක් පොහෝ දිනය ලෙසත් එම මාසයේම 30 දා අධි පොසොන් පොහෝ දිනයත් යෙදී තිබෙන හෙයින් වෙසක් පොහෝ දිනය සම්බන්ධ කාලවකවානු ඳපිළිබ අතිශය සාවධානව කටයුතු කළ යුතු බව ඳසහන් කරමින් තෛනිකායික මහා නාහිමිවරුන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ලිපියක් යොමුකර තිබේ.

Read More

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 92 වන වියේ පසුවුණි. ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර සිනමාවේ සදාකාලික ’ගී රාජිනිය’ ලෙසද ඇය හදුන්වයි. අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (26දා) අත්අඩංගුවට ගන්නා ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.