සැප්තැම්බර් මාසයට අදාළව ක්රියාත්මක විමට නියමිත ඉන්ධන මිල සූත්රයට අදාළව පෙට්රල් මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල්
නිතගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ් අනුව ඔක්ටේන් 95 පෙට්රල් ලිටරයක මිල රුපියල් 495කින් අඩුව ඇති අතර නව මිල රුපියල් 475කි. ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 399කි.
ලංකා සුදු ඩිසල් ලීටරය රු. 382, ලංකා සුපිරි ඩිසල් ලීටරයක් රු 478 ක් හා භුමිතෙල් ලිටරයක් රුපියල් 285ක් යන මිල ගණන් යටතේ ස්ථාවරව පවතී.
