saravita-anim2

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

TOP STORY - timelapse 81 hours ago

LATEST

අදත් මිලි මීටර් 200ක් දක්වා වැසි

calendar_today 2025 නොවැ 27 - 06:50 remove_red_eye - 156  

ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින් කේන්ද්‍රගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වාතවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම දෙපාර

වාහන ආනයන විවෘත කිරීමෙන් අනතුරුව නොවැම්බර් මාසය වන වට ඒ් වෙනුවෙන් විවෘත කරනු ලබන ණයවර ලිපි ප්‍රමාණය ක්‍රමයෙන් අඩුව ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.

Read More

එහිදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ හාල් කන්ටේනර් පහක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් මෙසේ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවයි.

Read More

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවැනි සැසිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදි අද (25) පෙරවරුවේ පැවැත්විණ.

Read More

තද වැසි ඳපිළිබ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 3.45ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 3.45 දක්වා වලංගු වෙයි. නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් හා පොළොන්නරුව දිස්ත්‍රික්ක ඳසහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සේවිකාවකට කිසියම් අයුරක ලිංගික හිංසනයක් සිදුවී ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට පත්කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඒ පිළිබඳ සකස් කළ ඇයගේ අවසන් වාර්තාව ඊයේ (24) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන ලදී.

Read More

2025 මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

Read More

විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීම අද ( 24 ) මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීම, මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර විනිවිදභාවය තවදුරටත් තහවුරු කිරීමටත් මෙම සේවාව ආරම්භ විය.

Read More

‍ෙමෙරට ළමා ජනගහන අනුපාතයේ තියුණු හා අඛණ්ඩ අඩුවිමක් දක්නට ඇති බැව් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

කඩුගන්නාව කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුව ඇති ආපදා තත්වයත් සමඟ වසා ඇති ඒ 01 ප්‍රධාන මාර්ගය නැවත විවෘත කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශය අනුව පමණක් සිදු කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කීය. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ කීය.

Read More

පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළඳසැලක් කිහිපයක් මතට ගල් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 6ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුන්බුන්වලට සිරව සිටි පිරිසක් මෙසේ ජීවත්ක්ෂයට පත්ව තිබේ.

Read More

පහළ කඩුගන්නාව ප්‍ර දේශයේ වෙළඳසැල් කිහිපයක් මතට ගස් සමග පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මිය ගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුන්බුන්වලට සිරව සිටි පිරිසක් මෙසේ ජීවත්ක්ෂයට පත්ව තිබේ.

Read More

අධික වර්ෂාවත් සමග අද (22) පෙරවරුවේ මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමක් සිදුව තිබේ. මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි තිදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත. එමෙන්ම තවත් කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදාගැනීම සඳහා මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය. අප වාර්තාකරු පැවසුවේ ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක්

Read More

හිටපු ජනාධිපති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 11/21 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය නිලධාරීවරයා ද සනාථ කළේය

Read More

එම්.අයි.17හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු හා එකම පියාසර ඉංජිනේරුවරිය වීමේ ගෞරවය තමාගේ නාමය ඉදිරියේ ලියා ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පදිංචි පූර්ණිමා අනුරංගි සමත්වූවාය.

Read More

තංගල්ල, උණාකුරුව ප්‍ර දේශයේ ඳවෙළ සැලක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළකට ඳනාදුනන පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට තංගල්ල පොලීසිය කියයි.

Read More

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

මහනුවර ජාතික රෝහලේ හෙද නිලධාරින් 426 දෙනෙකු වසර 10 සිට වසර 31 දක්වා දිර්ඝකාලයක් එකම ඒකකය තුළ හෝ එකම අංශය තුළ සේවයේ නිරතව සිටින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරිම සදහා මීමැසි පාලන වැටක් හදුන්වාදිමට රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨය හා දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය එක්ව සිදුකළ පර්යේෂණයකදි සමත්ව ඇත.

Read More

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.

Read More

එමෙන්ම 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100ක් වැඩි ආදායමක් උත්පාදනය වීම හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීමට පහසුවක් වී ඇති බවද දක්වා ඇත. කෙසේ වෙතත් වාහන ආනයනය මන්දගාමී වීම මත 2026 දී ආදායම් වැඩිවීම මන්දගාමී වනු ඇතැයි ද අපේක්ෂා කරන බවද වාර්තාව මගින් දක්වා ඇත. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

ඉස්ලාමාබාද් හි අධිකරණ සංකීර්ණයක් අසළ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සඳහා පාකිස්තාන හමුදා සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා පැවසීය.

Read More

කොළඹ කාසල්විදියේ කාන්තා රෝහල තුළ පසුගිය සතියේදි දෙබිඩි දරු (ගැහැණු) උපතක් සිදුව තිබේ. අවුරුදු 29 හැවැරිදි මවකට මෙම දෙබිඩි දරු උපත සිදුව තිබේ.

Read More

මේ වන විට පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ, සහායක කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ අනුව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන්කො විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වාහන මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නෑ. දැනට රජයෙන් වාහනයක් ලබා දීලා තියෙන අයට වාහනයක් දෙන්නේ නෑ.කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, විපක්ෂනායකතුමාට විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමාට වාහන දෙන්නේ නෑ.පර්මිට් ලබාදිමෙන් රජයට අහිමි වන බදු ආදායම විශාලයි. බහුතරයක් පර්මිට් වික්කා. අන්තිමට පර්මිට් වික්කේ ලක්ෂ 250යි 300යි.

Read More

පරිප්පු, ළූණු, ආර්තාපල්, රනිල කුලයට අයත් එළවළු සහ වෙනත් එළවළු ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ මුල් මාස නමය තුලදි ( ජන -සැප්) ඇමරිකානු ඩොලර් මිලියන 323ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.

Read More

මිනුවන්ගොඩ පොලිස් වසමේ අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරඟයක් අතරතුර ඊයේ සවස් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී, මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. මරණකරු වයස අවුරුදු 41 ක් වූ පළුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ‍

Read More

එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් බිලියන 1,309.7 දක්වා සියයට 88.6කින් කැපිපෙනෙන ලෙස වර්ධනය වි ඇති බැව් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම 2024 වර්ෂයේ දි ට්‍රිලියනය ඉක්මවා ගොස් ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

Read More

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පසුගිය වසර හතක කාලය තුලදි (2018-2024) රුපියල් මිලියන තිස්නමදහස්, තුන්සිය හැටනමයක (39,369) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවන සදහන් වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.