පළමු වරට මධ්‍යම සහ වයඹ පළාත්වල ඉඟුරු අල කුණු වීමේ රෝගයක්
මධ්‍යම සහ වයඹ පළාත්වල ඉඟුරු වගාවට හට ගෙන ඇති පඳුරු සහ අල කුණු වීමේ දිලීර රෝගයක් නිසා තමන් දැඩි අසරණ තත්වයට පත්ව සිටින බව ඉඟුරු ගොවීහු ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකාවේ, ඉඟුරු ප්‍රධාන වශයෙන් වගා කරනු ලබන්නේ මධ්‍යම පළාතේ මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයෙත් වයඹ පළාතේ කුරුණැගල දිස්ත්රික්කයෙත්ය.
කෙසේ නමුත් මෙවර වගා කර ඇති ඉඟුරුවලට මාස හතරක් පමණ වන අවස්ථාවේදී මෙම අල කුණු වීමේ රෝගය හේතුවෙන් තමන් වගාව සඳහා වැය කළ ලක්ෂ ගණනක මුදල් නැති වී යන බවත් ඔවුහු කියයි.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2020 වසරේ සිට ශ්‍රී ලංකාවට ඉඟුරු ආනයනය නවතා දමා ඇති අතර දේශීය ඉඟුරු අපනයනය කිරීම මගින් විශාල විදේශ විනිමයක්ද උපයා ගන්නා බවයි
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය සඳහන් කරන්නේ 2025 වසරේදී ඉඟුරු මෙට්‍රික් ටොන් 28 ක් අපනයනය කර රුපියල් මිලියන 137 ක් උපයා ගෙන ඇති බවයි. මෙරට හෙක්ටයාර් 2000 කට වැඩි ප්‍රමාණයක ඉඟුරු වගා කරනු ලබයි.
කෙසේ නමුත් මින් පෙර නොමැති ආකාරයට මෙවර ඉඟුරු වගාවට වැළඳී ඇති මෙම දිලීර රෝගය නිසා දේශීය පරිභෝජනයට පවා ඉඟුරු නිෂ්පාදනය කර ගැනීම ගැටළුවක් වී ඇති බවත් ගොවීහු කියති'
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය දැක්වූයේ මෙවන් අදහසක්.
‘ඉඟුරු අල කුණු වීමේ නැත්නම් ගස් නරක් වීමේ රෝගයක් මේ වන විට වාර්තා වෙලා තියෙනවා. ඉඟරු පඳුරු කහ පාට වීම පඳුරු කඩා වැටීම, කුණු වීම, ඒ වගේම අල කුණු වීමත් දකින්න පුළුවන්. ඒ වගේම කුණු වුණ අල මගින් ඉතා දුගඳක් වහනය වීමත් දකින්න පුළුවන්. මේ වගේ තත්වයන් ඉඟුරු වගාව තුල තියෙනවානම් ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕන.
වහාම ඒ පඳුරු ගලවලා ඉවත් කර පුළුස්සා දමන්න ඕන. ප්‍රදේශයට අදාළ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි මහතා හෝ මහත්මිය මුණ ගැසී මේ තත්වය පැහැදිලි කරන්න. ඒ වගේම දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටලා තියෙන දිස්ත්‍රික් කාර්යාල දැනුවත් කිරිම මගින් රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්.ඒ වගේම මාතලේ පිහිටලා තියෙන පර්යේෂණ මධ්‍යස්ථානයට දැනුම් දීම මගිනුත් අවශ්‍ය උපදෙස් සහ සහාය ලබා ගන්න පුළුවන්"
මොහොමඩ් ආශික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

