saravita-anim2

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා

TOP STORY - timelapse 365 hours ago

LATEST

ලොහාන් රත්වත්තේ ජීවිතක්ෂයට

calendar_today 2025 අගෝ 15 - 12:47 remove_red_eye - 1207  

මහනුවර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (15) පෙරවරු අභාවප්‍රාප්ත වී තිබේ.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසය තුළ ඉතාමත් වැදගත් අවස්ථාවක් සටහන් කරමින් 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා අද වැඩ භාර ගැනීමට නියමිතය. ඔහු පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව පොලිස්පති තනතුර දක්වා ඉහළට පැමිණි පුද්ගලයෙකි. පොලිස් කොස්තාපල්වරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක් හා සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඒ මහතා ක්‍රම තුනෙන්ම පොලිස් සේවය හරහා ඉදිරියට පැමිණි පුද්ගලයෙකි.

Read More

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Read More

2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා ගතවූ මාස 7ක කාලය තුළ වාර්තා වූ ඉහළම විගමණික ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා කරමින් ජූලි මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 697.3 ක් විදෙස් රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකිකයින් විසින් මෙරටට එවා ඇතැයි ශ්‍රි ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. එය 2024 වර්ෂයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 566.8 ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 19.5 ක වර්ධනයකි.

Read More

මෙරට නව පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

Read More

රාජ්‍ය භාරදීමට සුදුසුකම් සහිත තරුණ ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් රථයක් එකට එක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන තිබු BYD මෝටර් රථ 991 කොන්දේසි කීපයකට යටත්ව මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව පසුගිය 07 වනදා අභියාචනා අධිකරණයේ එකඟතාවය පළකිරීමත් සමඟ අදාළ වාහන හම්බන්තොට වරායෙන් නිදහස් කිරීම ඊයේ (10) සවස සිදු කරනු ලැබීය.

Read More

තුර්කියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ.

Read More

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙ ගම්මාන රැසක වගා කල කිලෝ ලක්ෂ ගනනක වට්ටක්කා අස්වැන්න අලේවි කර ගැනිමට නොහැකිව ගොවින් දැඩි අසරණතාවයට පත්ව ඇති බව කියයි.

Read More

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන් ගේ වැටුප් වලින් වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කළ බව කියන එම ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්ය භාර නිළධාරි මෙන්ම වැටුප් ලිපිකාරිනි ලෙස කටයුතු කළ කාන්තාවක් සහ ඊට අනුබල දී ඇති බව කියන රියදුරකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

Read More

වාහන වෙනුවෙන් මේ වන විට පවතින බද්ද විශාල බවත් තවදුරටත් වාහන බදු ඉහළ නොදමන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

2011-12 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(06දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(05දා) පැවසීය.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණ අතර ඒ අනුව එම යෝජනාව තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයකින් සම්මත විය. විරුද්ධව කිසිම ඡන්දයක් නොලැබුණ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

Read More

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහැරේ ගමන් කල “භානුක” නැමැති අලියෙකු ඊයේ (04) රාත්‍රි හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය.

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ද ඕවල් පිටියේ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී එංගලන්තය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිය අත ආබාධයකට ලක්ව තිබියදීත් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට ක්‍රිස් වොකස්ට සිදුවිය.

Read More

ගල්ගමුව යාපහුව හා නිකවැරටිය මැතිවරණ කොට්ඨාසවල මේ දිනවල අලි මිනිස් ගැටුම උග්‍රව පවතී. එයට යම් විසඳුමක් ලෙස අඹන්පොළ අමණුගම තරුණයෙක් විසින් ජංගම යෙදුමක් නිර්මාණය කර තිබේ.එය’’ එලිෆන්ට් ජර්නි ’’ නමින් නම් කර ඇත.

Read More

මාතර ගන්දර ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි වැදීමෙන් 78 හැවරිදි ව්‍යාපාරිකයෙක් තුවාල ලබා තිබේ.

Read More

කථානායකවරයාගේ නිල නිවස ’’පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්’’ බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමි විය.

Read More

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 20ක තීරු බද්දක් පනවන බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

Read More

අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල හා කෙටි කලකින් කෝටිපතිනියක් වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමස් කමැත්තන් 2022/2023 වර්ෂ සඳහා ගෙවීම පැහැර හැරී රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලිය අයකර ගැනීමට මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල හා කෙටි කලකින් කෝටිපතිනියක් වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමකොළඹ අතිරේක පසන් අමරසේන මහතාට අද (31) දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් සඳහා දෙමව්පිය අධීක්ෂණ යෙදවුම සක්‍රිය කරන බව එම වැඩසටහන අයත් මෙටා සමාගම පසුගියදා නිවේදනය කළේය. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ මෙටා සමාගමෙහි නියෝජිතයන් අතර පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකින් අනතුරුව මෙටා සමාගම මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Read More

ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවයි/චම්පික විසින් ලියා ඇති ලිපිය ගැනත් විශේෂ විමර්ශණයක්

Read More

රුසියාවට රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවත් සමග රුසියාව, ඇමෙරිකාව හා ජපනයේ ඇතැම් ප්‍ර දේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුක් කරනු ලැබීය.

Read More

යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා සහ ඔහුගේ භාර්යාව හා වයස අවුරුදු 16 දියණිය සමග සිය නිවසේදී දිවි නසාගෙන ඇතිි බව පේරාදෙණිය පොලිසිය කියයි.

Read More

අසත්‍ය පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28දා) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.