ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් අද දින (15) උදෑසන 11.40ට පමණ මුර සංචාරයක් අවසන් කර යළි පැමිණෙමින් සිටියදී අඟුලාන මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත්ව ඇත.
එම යාත්‍රාවේ සිටි නාවික හමුදා පුද්ගලයන් එකොළොස් දෙනෙකු (11) අඟුලාන පොලිසියේ, ප්‍රදේශවාසීන්ගේ සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවේ සහාය ඇතිව බේරාගෙන ඇත. බේරාගත් නාවික හමුදා පුද්ගලයන් මේ වන විට රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
තවද, සිද්ධියට අදාළ සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ප්‍රදේශයේ ධීවර ප්‍රජාවේ සහාය ඇතිව මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.