අද (05) සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල අඩුකර තිබේ.
කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 4,365කි.
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 42කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1,750කි.
කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 815කි.