පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැරීය.
බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇප අයැදුමක් අද (24) සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත.
චමින්ද විජේසිරි මහතා රුපියල් 50,000ක ඇප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.