saravita-anim2

2026 මාර්තු මස 29 වන ඉරිදා

2026 මාර්තු මස 29 වන ඉරිදා

TOP STORY - timelapse 199 hours ago

LATEST

මන්ත්‍රී අමරකීර්ති ඝාතනයේ 12කට මරණ දඩුවම

calendar_today 2026 පෙබ 11 - 14:28 remove_red_eye - 424  

පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා නිට්ටඹුව නගරයේ දී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 12 දෙනෙකු ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ මරණ දඬුවම නියම කළේය.මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව නඩු පවරා තිබිණි.

ග්‍රාහක සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරිමට හා 2019/08/02ට පෙර ලියාපදිංචි කර ඇති සිම් කාඩ්පත් වලට අදාළ ග්‍රාහක තොරතුරු නැවත ලියාපදිංචි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙහිදි විශේෂයෙන් අවුරුදු 16-17 අතර ග්‍රාහකයින් මෙන්ම මෙරට පැමිණෙන විදේශිකයන්ට සිම්කාඩ් පත් නිකුත් කිරීමට අදාල විධිවිධාන සංශෝධනය කිරීමට නියමිතය.

Read More

සමරිසි ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති නිකුත් කළ ලිපිය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. මෙම ලිපියට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් අද දිනයේදි විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන්පෙනී සිටි රජයේ නීතිඥවරිය පැවැසීය.

Read More

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි‌යේ ඉන්දියාවට ඒරෙහි තරගයට ක්‍රීඩා කරන බව පාකිස්තානය නිවේදනය කරයි. මෙම තරගයට ක්‍රීඩා කිරීම පාකිස්ථානය විසින් ප්‍රතික්ෂේප කළ අතර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එම තරගයට පැමිණෙන බව ඉන්දියාව තහවුරු කර තිබුණි. ලෝක කුසලාන තරගාවලිය යටතේ පවතින වඩාත් වැදගත්ම වාණිජ වටිනාකමක් සහිත මෙම තරගය පෙබරවාරි 15 ​​වන දින කොළඹදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ICC සාමාජිකයින් ගණනාවක් අනෙකුත් ජාතීන්ට මූල

Read More

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාස 02 කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් වෙනත් වසරවලට සමගාමීව මෙම වසරේදී බලාපොරොත්තු වූ වන්දනාකරුවන් පිරිසක් නොපැමිණීම හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව සිටින බව නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ වෙළඳ ප්‍රජාව පවසති.

Read More

රථවාහන ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂය තුල (2025) ඇමරිකානු ඩොලර් මිලියන 2,047ක වියදමක් දරා ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

මෙම සංශෝධන පනත මගින් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආශ්‍රිත මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට හැකියාව ලබාදීම, පීඨාධිපතිවරයකුගේ ධූර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව පිඨාධිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබාදීම සහ පීඨාධිපතිවරයෙකුගේ ධුර කාලය සම්බන්ධයෙන් සීමා හඳුන්වාදීම අරමුණු කර ඇත.

Read More

මෙම සර්වඥ ධාතූන් වහන්සේලා 1960 දශකයේ දී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ , ඓතිහාසික ’’ දෙව්නි මෝරි ’’ කැනීම් භූමියෙන් සොයා ගෙන ඇති අතර , ඒවා මෙතෙක් ඉන්දියාවෙන් පිටතට රැගෙන ගොස් නොතිබුණි .

Read More

නව ශ්‍රී ලංකාවක් ගොඩ නැංවීමේදී අධ්‍යාපනයේ පරිවර්තනයක් අවශ්‍ය බවත් ඒ් වෙනස කිරීමට සූදානම් බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජාතික නිදහස් උත්සවයේදී ජාතිය අමතමින් ඔහු මේ බව පැවැසීය.

Read More

අදට යෙදී ඇති 78 වන නිදහස් දිනය හුදු සැමරුමකින් ඔබ්බට ගොස් අනාගතය ගොඩනැගීමේ දැවැන්ත වැඩපිළිවෙලක් යටතේ සිදුකරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ එච් එම් එච් අබේරත්න මහතා සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට සුළු ​මොහොතකට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ.

Read More

වලපනේ ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නිල්දණ්ඩාහින්නේ සිට තෙරිපැහැ දක්වා රාසින්ගොල්ල පළමු වංගුව ප්‍රදේශයේදි (01) දින අඩි 50ක් පමණ ප්‍රපාතයට පෙරලීමට ගිය අවස්ථාවේ එම බස් රථයේ රියදුරු විසින් බස් රථයේ අත්තිරිංග භාවිතා කරමින් බස් රථය නතර කර ගැනීමට සමත් වී ඇති බව වලපනේ ඩිපෝවේ ධාවනය කළමණාකාර බණ්ඩාර මහතා පැවසීය.

Read More

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 292ක් දක්වා හා ලංකා සුදු ඩිසල් ලිටරයක මිල රුපිල් 277ක් දක්වා අඩු කළ බව ඛණිජ තෙල් නීිතිගත සංස්ථාව කියයි.සෙසු ඉන්ධන මිල ගණන්වල වෙනසක් නොවේ.

Read More

නියමිත කාල සිමාව තුළදි ගල් අගුරු ගොඩබෑම සිදු නොකිරිම හේතුවෙන් ගල් අගුරු පුද්ගලික සමාගම විසින් 2024 වර්ෂය තුලදි ගොඩබෑමේ වරාය ප්‍රමාද ගාස්තු ලෙස අදාළ සැපයුම්කරුට රුපියල් පහළොස්කෝටි, දාසයලක්ෂ, අනුපන්දහස් හාරසියතිස්නමයක (151,695,439) මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊවේ පැවැත්වූ රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති අනුපාතය (OPR) වත්මන් මට්ටමේම ඒනම් 7.75% ක් ලෙස පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව නිවේදනය කරයි.

Read More

තලවකැලේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ කඩවත ලංගම ඩිපෝවට අයත් බස් රථයේ හදිසියේ තිරිංග ක්‍රියා විරහිත විමෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අධික බැවුමක් සහිත ප්‍රදේශයකදී ධාවනය වෙමින් තිබු බස් රථය පස් කන්දක ගැටිමට සලස්වා බස් රථය රියදුරුදු විසින් නතර කර ගැනීමට සමත් වී ඇති බව ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පැවසීය.

Read More

දිවයින පුරා රජයේ රෝහල්වල හෙට (26දා) පෙරවරු 8 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

Read More

අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර රතු නිවේදන නිවේදන නිකුත් කර තිබූ , සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් කෙසෙල්වත්තේ දිනූක ඉන්දියාවේ සිට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් 01/24 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

Read More

කර්මාන්තපුර 09ක් සංවර්ධනය කිරිම සදහා රජය විසින් රුපියල් මිලියන 1542ක මුදලක් වැයකොට තිබුණද 2024 වර්ෂය අවසන් වනවිටත් එවායේ කිසිදු කර්මාන්තයක් ආරම්භකර නොතිබු බව අනාවරණය වි ඇත.

Read More

වත්මන් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරනවා යන්න පිළිබදව අද දිනයේත් මාධ්‍ය කිහිපයක් මගෙන් විමසීම් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා. ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා.

Read More

ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේදී බාධාවක් බවත්, මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20දා) දින නියම කළේය.

Read More

සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් හා දුරකතන ඇමතුම් ලබා දෙමින් රැකියා අවස්ථා ලබා දෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට,අසත්‍ය චෝචනා යොමුකර නිතිය ක්‍රියාත්මක නොකර සිටිමට බව පවසා විවිධ ගිණුම් වෙත වංචනික ලෙස මුදල් බැර කර ගැනිම් සිදුකරන බවට දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

රියදුරන් කරන වැරදි සම්බන්ධයෙන් සෘණාත්මක ලකුණු දීමේ ක්‍රම වේදය මේ වසරෙ තුළ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පී.ජේ. සේනාධීර මහතා පැවැසීය.

Read More

ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ. මිය ගිය පුද්ගලයා අවුරුදු 44ක් වන කොළඹ 13 පදිංචිකරුවෙක් වෙයි. අවුරුදු 4ක පිරිමි දරුවෙක් හා අවුරුදු 3ක ගැහැණු දරුවෙක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා තිබේ. දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලය විසින් එහි සේවකයින් සදහා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබානොගෙන 2024 වර්ෂය තුල පමණක් රුපියල් මිලියන 1,060.02ක විවිධ දිමනා ගෙවා ඇති බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.

Read More

වරකාපොළ ලියාපදිංචි බීඩි සමාගමක දී පසුගිය 09 වන දින සිදු කරන ලද වැටලීමකදී බදු නොගෙවන ලද බීඩි මිලියන 10 ක් සහ තෙන්දු කොළ කිලෝග්‍රෑම් 17 000ක් පමණ සොයා ගන්නා ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.