saravita-anim2

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා

TOP STORY - timelapse 187 hours ago

LATEST

නා උයනේ කේබල් කාර් ඩක්කුවක් කඩා වැටී හිමිවරු 7 නමක් අපවත්වෙති

calendar_today 2025 සැප් 25 - 06:00 remove_red_eye - 1298  

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ ඇති තමන්වහන්සේලාගේ භාවනා කුටි වෙත කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවකින් වැඩම කරමින් සිටියදී එම ඩක්කුව කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත්ව තිබේ.

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලංකාව තුළ නීතියක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.‍ මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.‍

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) දින පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය ක තිබේ. .

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිමට ඉකුත් වර්ෂයේ කෝටි 64ක මුදලක් වැයකරලා. එකම වාහනය වාර දහ දොළොස් වතාවක් අලුත්වැඩියා කරලා.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(23දා) නියෝග කළේය.

Read More

අත්තිවාරමකට පමණක් සිමා වි ඇති ගාල්ල තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතිය සදහා ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට හා තාක්ෂණික උපදේශකට රුපියල් කෝටි එකසිය විස්සකට අධික මුදලක් ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව බුද්ධශාසන.ආගමික හා සංස්කෘකිත කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.

Read More

මම මිලියන 16ක් අරගත්තා කියනවා. මම 2022දී රට භාර ගන්න විට දළ ජාතික නිෂ්පාදනය කීයද ඩො.බි. 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙන කොට ඩොලර් බිලියන 98.9 ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොකටද මේවා අරගන්නේ මට වැඩක් නෑ.

Read More

ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියකින් තොරව ඉකුත් වර්ෂයේ (2024) පැවැත්වු මැතිවරණ සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරින් පස්දෙනෙකු විසින් මැතිවරණ දිමනා මුදල් වශයෙන් රුපියල් එක්කෝටි,දෙලක්ෂ,විසිහතරදහස්,හාරසියවිසිදෙකක මුදලක් (10,224,422) ලබාගෙන ඇති බැව් අනාවරණය වි ඇත. 2024 වර්ෂයේ දි මැතිවරණ කටයුතු සදහා ගෙවනු ලැබු මැතිවරණ දිමනා පිළිබද විගණන කාර්යාලය මගින් කරණු ලැබු නියැදි පරික්ෂාවේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත.

Read More

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු වූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් පැනවීය.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 16 දෙනෙකුට මරු කැදවමින් 17කට තුවාල සිදුව අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීගිය විනෝද චාරිකා බස්‍ රථය අනතුරට ලක්වීමට තත්පර කීපයකට පෙර ගැටුන රුපියල් ලක්ශ 800ක් පමන වටිනා (කෝටි 8) සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ශිත කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නොමැති බවට අදාළ ජීප් රථය විකුනූ සමාගම මගින් ලබා දුන් වාර්තාවකින් අනාවරණය විනැයි ඇල්ල පොලිසිය අද (18) පැවසීය .

Read More

දිවයිනේ සම්මාන දිනූ කසල කළමනාකරණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නැවතීම දිස්ත්‍රික්ක ගණනාවක ලැබෙන කුණු කසල සියල්ල මහ වනයට මුදා හැරීම නිසා නැවතත් වන සතුන් අලි ඇතුන් කසල ආහාරයට ගැනීම සිදුවන බව දඹුල්ලේ ජනතාව පෙන්වා දෙති.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි මතු පිටින් තියෙන රාජ්‍යයට සමාන කලු රාජ්‍යයක් නිර්මාණය කර තිබෙනවා. මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහමුලින්ම අවසන් කරනවා. දැනට අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලයෙන් සියයට 50ක් හසුරුවලා තිබෙනවා. සමහර මන්ත්‍රීවරු මාසයේ බදු මුදල ගන්නවා වගේ ගෙරද ගිහින් සල්ලි අරන් තියෙනවා. සමහර ඇමතිවරු මාස් පතා මේ අයව ගෙදරට ගෙන්නගෙන තිබෙනවා. මේක අපි මැඩ පවත්වනවා.

Read More

බාල බෙහෙත් නඩුවට අදාළව අද දිනයේදී අධි චෝදනා භාර දුන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළේය

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අතර අද අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලොරි රථයක පිටුපසින් පැමිණි වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

Read More

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම මගින් පෞද්ගලික බැංකුවකින් ලබාගත් ණය නොගෙවීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝවශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත යුතු නිර්දේශ නිකුත් කිරීම සිදු විය.

Read More

කළුතර අපරාධ කොට්ඨාසය මගින් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන ’’ඇඹිලිපිටියේ සුරංග’’ නැමැත්තාගෙන් ලබා ලබාගත් තොරතුරු වලට අනුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කල බවට සැක කරන හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී සැක උපකරණ , රසායනික ද්‍රව්‍ය තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට එම අවන්හලේ නවතා තිබූ මෝටර් රථයක් අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි .

Read More

ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාල ඇතුළු රෝහල් සහ ආයතන 38ක් සදහා ත්‍රිපෝෂ මාස්ටර් බෑග් හාරලක්ෂ අනුතුන්දහස්,නමසියපහක (493,905) අවශ්‍යතාවයක් පැවතියද ඉකුත් වර්ෂය තුල (2024) බෙදාහැර ඇත්තේ ත්‍රිපෝෂ මාස්ටර් බෑග් දෙලක්ෂ හැත්තෑහතර දහස් එකසියඅනුඅටක් (274,198) බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.

Read More

බස් රථ අලංකරණය හා උපාංග සවිකිරීමට අදාළව අවසර ලබා දෙමින් නිකුත් කර තිබු චක්‍රලේඛය අවලංගු කර තිබේ.

Read More

නතාවගේ ආදරය සහ ලෙංගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරයම අද ද ඒ අයුරින්ම ලැබීම මා ලද වරප්‍රසාදයයි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවෙකුට නොහැක.

Read More

2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26

Read More

හිටපු ජනපති මහින්දර රාජපක්ෂ මහතා කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසින් ඉවත්ව මීට සුළු මොහොතකට පෙර තංගල්ල බලා පිටත්ව ගියේය. ‍ඔහුට කොළඹින් නිවසක් සොයා ගන්නා තෙක් කාලය කාල්ටන් නිවසේ රැදී සිටිනු ඇති බව වාර්තා වෙයි.

Read More

“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 150 කින් සම්මත විය. අද පෙ.ව 11.30 සිට එම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළ විවාදය පැවති අතර අනතුරුව ප.ව 3.30ට පමණ පැවති දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 1ක් හිමිවිය.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලී අනතුරට පත් විනෝද චාරිකා බස්‍ රථයේ අනතුරට හේතුව වශයෙන් බසයෙ තිරිංග පද්ධතියේ දෝශයක් මෙන්ම රියැදුරු බසය අධික පල්ලමේ හතරවන ගියරයේ ධාවනය කර ඇති බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේශ්‍ය කකණ්යමක් විසින් දැනට සිදු කර ගෙන යන පරීක්ෂන කටයුතු වලින් අනාවරණය වී ඇත.

Read More

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පවතින ආකාරයෙන් පිළිගත නොහැකි බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

එසේම ප්‍රාදේශීය සංවර්ධන වැඩ වලදී එනම් විශේෂයෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට, රජයේ නිලධාරීන්ට අවශ්‍ය කරන යම් වාහන ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ සඳහා කැබ් රථ 2000ක් අලුතෙන් මිලදීගත යුතුයි යන අදහසේ ආණ්ඩුව සිටින බවදෙ පැවසුවේය.

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(09දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය

Read More

’’වාරි මහිම’’ උත්සවයට දෙමාපියන් සහභාගී නොකළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇටවීරගොල්ලෑව මහා කාශ්‍යප විදුහලේ විදුහල්පතිවරයාට තර්ජනය කර ඇති බැවින් ඒ සඳහා තම සංගමයේ පූර්ණ මැදිහත්වීම සහ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය සදහා ඉකුත් වර්ෂයේ දි (2024) වෙන්කරණු ලැබු ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් ප්‍රතිපාදන වලින් කෝටි 3517කට වඩා වැඩි මුදල් ප්‍රතිපාදන (35,171,226,162) ඉතිරිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.