සංගීතවේදී ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (22) සිදුකිරීමට නියමිතය.ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට නාවල විජයබාහු මාවතේ පිහිටි නාන්දා මාලනී සංගීත ආශ්රමයේ තැන්පත් කර තිබේ.
සවස 3:30ට දේහය රැගත් රිය පෙරහැර රාජගිරියේ පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කිරීමට නියමිතය. එහිදී පස්වරු 5ට ආදාහන කටයුතු සිදුකිරීමට නියමිත අතර උත්සව සභාවක් නොපැවැත්වෙයි.