ලංකාවේ ණය බර රු. බිලියන 30 198
මෙම වර්ෂයේ (2026) මාර්තු මස වනවිට රජය විසින් ගෙවිමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 30,193.18ක් දක්වා වැඩිවි ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂය (2025) අවසන්වනවිට ගෙවිමට තිබු සමස්ත ණය මුදල රුපියල් බිලියන 29,994.69කි. ඒ අනුව ගෙවිමට ඇති ණය මුදල මෙම වර්ෂයේ මාර්තු මාසය වනවිට රුපියල් බිලියන 198.49 කින් වැඩිවි ඇත. මෙම වර්ෂයේ මාර්තු මස වනවිට ගෙවිය යුතු සමස්ත දේශිය ණය මුදල රුපියල් බිලියන 18,762.04කි. ගෙවිය යුතු සමස්ත විදේශිය ණය මුදල රුපියල් බිලියන 11,431.14කි.
ඉදිරි වසර 10ක කාලය තුළ ණය ගෙවිම පිළිබඳව කිසිදු ගැටළුවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂ හමුවකදී මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන්කොට තිබුණි. , ජාත්‍යන්තර, ද්විපාර්ශ්වික සහ වාණිජ හවුල්කරුවන්ගේ සහාය ඇතිව ඉදිරි වසර 10 ක කාලය සඳහා ශ්‍රී ලංකාවේ ණය සේවාකරණ බැඳීම් ප්‍රතිව්‍යුහගත කර ඇති බව මහබැංකු අධිපතිවරයා මෙහිදි අවධාරණය කොට ඇත..
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
