හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ මගි ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් හැටන්හිදි මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තකට පෙරළීමෙන් සිදුවූ අනතුරිකින් එම බස් රථයේ ගමන් කළ තිදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරිම ඉහළ නැංවිමට ෆිච් රේටින් ආයතනය කටයතු කර තිබේ. මේ අනුව දිගුකාලීන විදේශ මුදල් නිකුත් කරන්නන්ගේ ශ්‍රේණිගත කිරීම CCC සෘණ මට්ටමේ සිට CCC ධන මට්ටම දක්වා ඉහළ නැංවිමට එම ආයතනය කටයුතු කර තිබේ.
Read Moreනීතිවිරෝධී මත්පැන් භාවිතය සඳහා යොමුව ඇති පිරිස් ඉන් ගලවා ගැනීම වෙනුවෙන් ලබන වසරේ මුල් කාර්තුව වන විට ඔවුන්ට දැරිය හැකි මුදලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් වෙළඳපොළට හදුන්වා දීමට කටයුතු කරන බව සුරා බදු කොමසාරිස් උදය කුමාර මහතා පැවැසීය.
Read Moreඋපයන විට ගෙවන බද්දේ අවම සීමාව වූ රුපියල් 100000 සිට රුපියල් 150000ක් දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡාවලදී එකඟ වූ බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreපෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්නට යොජනා කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ( 18) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය.
Read More-මහින්දට මාස එක හමාරක ආරක්ෂක වියදම රු.කෝ.ටි 71යි -පොලීසියේ 60යි, හමුදාවේ 228යි
Read Moreපාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස පෙලොන්නරුව දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරි පත්විය.
Read Moreශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවලට අවශ්‍ය ද්‍රව ස්වභාවික ගෑස් (LNG) සැපයීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවත් දෙරටේ විදුලිබල ජාල සම්බන්ධ කිරීමට මෙන්ම පෙට්‍රෝලියම් නිශ්පාදන ලබාදීම වෙනුවෙන් නල මාර්ගයක් සැකසීමටද කටයුතු කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.
Read Moreඉන්දීය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුව තිබේ.
Read Moreනව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති බව ද වාර්තා වේ. ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (16දා) රැස්වීමට නියමිතය. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.
Read Moreපොළොන්නරුව මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශයේ සිදුවන හා පරිමාණ වැලි ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකායේ ආරක්ෂක අංශ මෙන්ම පොලිසිය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, එම ජාවාරමට මහවැලි ආරක්ෂක අංශය සහ ඇතැම් පොලිස් නිලධාරීන් සහයෝගය ලබාදෙන බවත් ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා සඳහන් කළේය.
Read Moreතමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුවූ ගැටලු කාරි තත්ත්වය මත තමන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කළ බව මන්ත්‍රි අශෝක රංවල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More’’කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා’’ - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි... ’’ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට අප ඉඩ තබන්නේ නැහැ’’
Read Moreයාපනය දිස්ත්‍රීක්කයේ පැතිරෙමින් යන උණ වෛරසය පිළිබඳව සොයා බැලීස සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිරිසක් විසින් යාපනය සහ පේදුරුතුඩුව ප්‍රදේශයන් වෙතට ගොස් නිරීක්ෂණයක නිරත වෙමින් සෞඛ්‍ය බලධාරීන් හමු වී විශේෂ සාකච්ඡාවක නිරත වීය.
Read Moreසමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් වාරණ නියෝගයක් අද(12දා) නිකුත් කර තිබේ.
Read Moreඛණිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 2023 වර්ෂයේ පළමු මාස 08 ට සාපේක්ෂව 2023 ජනවාරි 01 වැනි දා සිට අගෝස්තු 30 දක්වා 2024 වර්ෂයේ පළමු මාස 08 දී රුපියල් මිලියන 139 000 ක් දක්වා සියයට 137.4 කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්වය පිළිබඳ වාර්තාවකින් අනාවරණය වේ.
Read Moreප්‍රකෝටිපති ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් අදානි වරාය හා විශේෂ ආර්ථික කළාප සමාගම අද නිවේදනය කළේ තම සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකාවේ ණය මුදල් ලබා නොගැනීමට තීරණය කළ බවයි. මේ අනුව අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සමාගම සතු අභ්‍යන්තර මුදල් යොදවන බවද සමාගම නිවේදනය කරයි.
Read Moreමත්ද්‍රව්‍ය භාවිත කිරිමේ චෝදනාවට වරදකරු වී වසර තුනක ක්‍රිකට් තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ එම තහනම අවසන් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරනු ලබන LANKA T10 තරගාවලිය අදි (11දා) ආරම්භ වේ.
Read Moreඑයාර් බස් - මිග් යානා මිලදී ගැනීම් වලදී දූෂණ චෝදනා ආසන්නතම පවුලේ සාමාජිකයන්ටත් සම්බාධක, ඇමෙරිකාවට ඇතුළුමත් තහනම්
Read Moreරජයට වැය බරක් වන ජනාධිපති මන්දිර, විසුම්පාය, ඇතුළු නිල නිවාස ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීම කර කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreදූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වන විට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.
Read Moreබැංකු මගින් ක්‍රියාත්මක කරනු ලබන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම එළැඹෙන මාර්තු 31 වැනිදා දක්වා අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read More2024 වර්ෂය සඳහා රජය විසින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 4107 ලෙසත් බදු ආදායම රුපියල් බිලියන 3,820 ලෙසත් අපේක්ෂා කරනු ලැබූ බව 2024 වර්ෂය සඳහා වූ අය වැය ලේඛනයෙහි දක්වා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යායන පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සමඟ පෙරේදා (07දා) සඳහන් කළේය.
Read Moreනාඩු තොග 225යි, සිල්ලර 230යි පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග ජනපති අවධාරණය කරයි – සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට – ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි – සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි – කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි, සිල්ලර මිල රුපියල් 260යි
Read Moreඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා සහභාගී වන ලෙස සියලු වෘත්තීයවේදීන්ට ආරාධනා කරනවා ඩිජිටල් ආර්ථිකය මඟින් ඉදිරි වසර පහ ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් අපේක්ෂා කෙරේ – ඩිජිටල් ආර්ථික අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනිමින් ජනපති පවසයි
Read Moreකොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි. පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි. පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.
Read Moreරුපියල් කෝටි 17 ක රූපවාහිනී වෙළඳ දැන්වීම වසර 05 ක් ගියත් විකාශය කර නෑ කෝටි 04 ක තවත් නිර්මාණ 31 ක් හමස් පෙට්ටියට කෝටි 17 ක වැයෙන් හැදූ වෙබ් අඩවිය ඵලදායි නෑ කෝටි 11 ක මාධ්‍ය සැලසුම් අවුරුදු 05 ක්ම ගල්වෙලා
Read Moreහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස 2024 ජනවාරි 01වැනිදා සිට ඔක්තෝම්බර් 06 වැනිදා දක්වා සුරාබදු බලපත්‍ර 361ක් ලබා දී ඇති අතර, ඒ අතර එෆ්.එල්.4 (වයින් ස්ටෝස්) බලපත්‍ර 172ක් ද පවතින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read More