පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් රථයක් එකට එක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අද (12) අලුයම තුනට පමණ අනතුර සිදුව ඇති බව පොලිසිය පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසන අතර මෙම අනතුරින් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ දැඩිසත්කාරයකගේ පුද්ගලයින් පස්දෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව මින්නේරිය පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.
තවත් තුවාලකරුවන් කීපදෙනෙකු පොළොන්නරුව හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව එම ප්‍රකාශකයා පැවසීය. මින්නේරිය පොලිසිය අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
තුෂාර තෙන්නකෝන්/මනම්පිටිය නිමල් ජයරත්න





