saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

TOP STORY - timelapse 2020 hours ago

LATEST

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්

calendar_today 2025 ජුනි 22 - 07:32 remove_red_eye - 733  

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපදය ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව ඉරානයේ ෆොර්ඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබේ. මේ බව ඉරානයද තහවුරු කර තිබේ.

බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ හතරේ කණුව ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 30කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය‍ෙ(ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.

Read More

දැඩි උණුසුම්කාරී වාතාවරණයක් යටතේ අද (20) පැවැති පැවැති මෙම රැස්වීමේදී ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහළ ගමගේ සුනිල් මහතා තේරී පත්විය. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙකි.

Read More

රුපියල් කෝටි නමයකට අධික තැන්පතු සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16ක් පවත්වාගෙන ගියේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ඔහුගේ පවුලේ හයදෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ඊයේ (19) දැනුම් දුන්නේය.

Read More

අල්ලස් කොමිෂම විසින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප කොන්දේසි සපුරාගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා ඔවුන් දෙදෙනාගේ දියණියක් අද දිනයේදී ඇප කොන්දේසි සැපරීමෙන් අනතුරුව මුදා හරිනු ලැබීය.

Read More

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) දන්වා ඇත.

Read More

මැද පෙරදිග යුධ වාතාවරණය නිසා මෙරට ඛණිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බවක් නිරීක්ෂණය වී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය කියයි.

Read More

කොළඹ නගර සභාවේ 26 වැනි පුරපති ලෙස ජාතික ජන බල වේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය රහස් ඡන්දයෙන් තේරී පත්විය.

Read More

කොළඹ මහ නගර සභාව වෙනුවෙන් නගරාධිපතයෙක් තෝරා ගැනීම වෙනුවෙන් රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය විය. කොළඹ මහ නගර සභාවේ මංගල සැසිවාරය අද දිනයේදී ආරම්භ විය. එය ආරම්භයේ සිටම දැඩි උණුසුම් ස්වාභාවයක් ගනු ලැබිණ.

Read More

ඉරානය විසින් ඊශ්‍රායෙලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊශ්‍රායෙල වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ.

Read More

ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ශා කරන පිරිස් තම පැමිණීම නැවත දැනුම් දෙන තුරු පමා කරන ලෙස දන්වා ඇති අතර ශ්‍රී ලංකාව බලා පිටත්ව යන පිරිස වෙත ද මෙම දැනුම්දීම් වලංගු වන බව තානාපති සඳහන් කරයි. ඊශ්‍රායලයේ සියලූ කාර්යාල හා වැඩබිම්වල කටයුතු නවතා ඇති අතර රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කොට තිබේ.

Read More

එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 241ක් බවට ගුවන් සමාගම තහවුරු කරයි.එසේම මෙම අනතුරින් එක් පුද්ගලයෙක් දිවි බේරාගෙන තිබේ. මියගිය අයගේ පවුල් වෙනුවෙන් මිය ගිය එක් පුද්ගලයෙක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටිය බැගින් වන්දි ගෙවන බව එයා ඉන්දියා ගුවන් සේවය හිමි ටාටා සමාගම පවසයි.

Read More

ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් දිවි ගලවාගත් එක් පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දියාවේ අහමදාපාද් හී ගුවන් යානා අනතුරෙන් එම ගුවන් යානයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඉන්දියාවේ අහමදාබාද් සිට එංගලන්තය බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී සුළු වේලාවකින් කඩාවැටී විශාල ගුවන් අනතුරක් සිදුව තිබේ. ගුවන් අනතුර සිදුවන අවස්ථාවේද‍ි එම ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩල‍යේ 242ක් ගමන් කර තිබේ.

Read More

මෙම වසරේ මාර්තු 15 වැනිසා සිදු කළ සත්ව සංගණන වාර්තාව අද (12දා) ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේ වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය සියයට 18.3ක විදුලි ගාස්තු වැඩිවීමක් යෝජනා කළද මහජන උපයෝගීතා කොමිෂම එම තීරණය ඉවත දමමින් සියයට 15ක විදුලි ගාස්තු වැඩිවීමක් නිර්ද්ශ කර තිබේ.

Read More

වැඩතහනමට ලක්ව ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සේවය අත්හිටුවා ඇති කාලසීමාවේදී ඔහුුට හිමි වැටුපෙන් අඩක් පමණ ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

සමාජය පිළිබඳ වගකිවයුතු ආයතන සියල්ල සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳ වැටී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද(09) රැස්වූ කැබිනට් මණ්ඩල තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්ථා වෙයි.

Read More

සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමට අයත් පැල්වත්ත හා සෙවනගල ඒකකයන්හි බොයිලේරු සඳහා අදාළ සැපයුම්කරු විසින් පිරිපහදු කළ දැවිතෙල් වෙනුවට නැව් සහ යන්ත්‍ර වලින් ඉවත්කරනු ලැබූ පිරිපහදු නොකළ කළුතෙල් සපයා තිබූ අතර ඒ වෙනුවෙන් සමාගම විසින් රුපියල් තිස්හතරකෝටි,දාසයලක්ෂ,අසූහත්දහස්,පන්සිය අසුදෙකක මුදලක් (341,687,582) සැපයුම්කරුට ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සඳහන් වේ.

Read More

රේගුවෙන් නිදහස් කරනු ලැබූ බහාලුම් 323 සම්බන්ධයෙන් රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද(08දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළේය.

Read More

දිඹුලාගල ඇල්ලේවැව වැවෙහි 08 වෙනිදා උදෑසන 9.00 ට පමණ දියණෑමට ගිය මවක ,දියණියක්, සහ අඹුසැමි යුවළක්, ඇතුළු සිව්දෙනකු දියේ ගිලී මියගොස්, තවත් වයස අවුරුදු දාහතරක දියණියක් දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බව අරලගංවිල පොලිසිය කියයි.

Read More

සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Read More

වර්තමාන පාලන අධිකාරියේ කිසිදු නිලධාරියෙක් අදාළ කමිටුවට සම්බන්ධ කරගන්න එපා - කෝප් කමිටුව. විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම ලබමින් සිටියදී සියදිවි නසාගත් චරිත් දිල්ෂාන් සිසුවාගේ සිදුවීම පිළිබඳව කාරක සභාවේ අවධානය. 2022 වසරේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් 500ක ප්‍රමාණයක් නොමිලේ කපාගෙන යාමට අවරසර ලබාදීලා. වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්ගෙන් 7000කට අසන්න ප්‍රමාණයක් පළමු අවස්ථාවේ ලියාපදිංචි වන්නේ නැහැ - ව

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2020 වසරේ පැවති තරගාවලියේදී මෙම සිදුවීම සිදුව තිබේ.

Read More

නඩුවක් විමසන අවස්ථාවේ උසාවියේ විත්ති කූඩුව තූලදීම පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළැයි කියන වෙඩික්කරු හඳුනා ගැනීම සඳහා පැවති පෙරට්ටුවේදී කිසිදු සාක්කිකරුවකුට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.