මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට 57 හැවිරිදි වියේ පසු වූ ඒමහතා එක්දරු පියෙකි.
මහනුවර ත්‍රිත්ව විදුහලේ ආදි සිසුවකු වන ඒ මහතා දේශපාලන කරලියේ ආන්දෝලනාත්මක චරිතයක් වූයේ 2001 වසරේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය අවස්ථාවේදී උඩතලවින්න දස පුද්ගල ඝාතනය සහ 2021 වසරේදී බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටියදී අනුරාධපුර බන්ධනාගාරයට රාත්‍රී කාලයේ ඇතුළු වී එහි සිටි රැඳවියන් පිරිසකට තර්ජනය කිරීමේ සිද්ධි ඇතුළු සිද්ධීන් ගණනාවක් හේතුවෙනි.
හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ජනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන ලොහන් රත්වත්තේ මහතා දේශපාලනයට අත්පොත්තමින් 2009 වසරේදී මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්විය. ඉන් අනතුරුව ඒ මහතා 2010 වසරේ සිට 2024 වසර දක්වා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේය.