වාහන වෙනුවෙන් මේ වන විට පවතින බද්ද විශාල බවත් තවදුරටත් වාහන බදු ඉහළ නොදමන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඊයේ දිනය වන විට වාහන වෙනුවෙන් ඩොලර් මිලියන 1260ක ණයවර ලිපි නිකුත් කර ඇති බවත් දෙසැම්බර් වන විට එම අගය ඩොලර් මිලියන 1600ක් 1800ක් පමණ වනු ඇති බවත් ජනපතිවරයා පැවැසීය.
වාහන ආනයන සීමා නොකරන බවද ජනපතිවරයා පැවැසීය. මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 7ක විදේශ සංචිතයක් නිර්මාණය කරන බවත් ඔහු පැවැසීය.