හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුව ගෙන තිබේ. ඒ මහතා ප්රකාශයක් ලබාදීම සඳහා අද (22දා) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. හිටපු ජනපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙය වෙයි.
රනිල් වික්රමසිංහ මහතා ජනපතිධුරය දරණ සමයේදී නිව්යෝක් නුවර නිල සංචාරයකට ගොස් ආපසු එමින් සිටියදී එංගලන්තයේ පැවැති උපාධි ප්රදානෝත්සවයකට සිය බිරිඳ සමග ඒක්වී රජයේ මුදල් අවභාවිත කර ඇති බවට වූ විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.