හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන තිබු BYD මෝටර් රථ 991 කොන්දේසි කීපයකට යටත්ව මුදා හැරීමට ශ්‍රී ලංකා රේගුව පසුගිය 07 වනදා අභියාචනා අධිකරණයේ එකඟතාවය පළකිරීමත් සමඟ අදාළ වාහන හම්බන්තොට වරායෙන් නිදහස් කිරීම ඊයේ (10) සවස සිදු කරනු ලැබීය.
මෙසේ වාහන නිදහස් කරනු ලැබුවේ අදාල වාහන රඳවා ගැනීමට එරෙහිව ජෝන් කීල්ස් සී. ජි. සමාගම ඉදිරිපත්කරනු ලැබූ පෙත්සමක් පසුගිය 07 වනදා සලකා බැලීමෙන් අනතුරුව අභියාචනා අධිකරණයේදී රේගුව එකඟතාවය පළකිරීමත් සමඟ වේ.
BYD මෝටර් රථ 991ක් හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව රඳවාගෙන තිබුනේ රේගු බදු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මත වේ. එලෙස රඳවා ගෙන තිබු අදාල මෝටර් රථ මුදාහැරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සී.ජි. සමාගම විසින් ඉදිරිපත්කර තිබු පෙත්සමක් අභියාචනාධිකරණයේ දී පසුගිය 07 වනදා කැඳවා තිබිණි.