saravita-anim2​

2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා

2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා

TOP STORY - timelapse 43 minute ago

LATEST

ශිරන්ති යළි රිමාන්ඩ්

calendar_today 2026 ඔක් 13 - 15:31 remove_red_eye - 47  

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මිය යළිත් ලබන 16 දා කේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය රජය සතුව තබාගනිමින් එහි කළමණාකරණයට පෞද්ගලික සමාගමක් පිහිටුවිමට තිරණයක් ගෙන ඇති බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. කොළඹදී ඊයේ පැවැති අයෝජන සමුවව අමතමින ඔහු මේ බව කීවේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිෂමට ඔහු කැඳවනු ලැබීය.

Read More

අසනීප තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි නවලෝක රෝහල වෙත ඇතුළත් කර තිබේ. වෛද්‍යවරු කණ්ඩායමක් ඔහු පරීක්ෂා කරමින් සිටින බව දැනගන්නට තිබේ.

Read More

සෞදි අගනුවර වන රියාද් හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් 309 දෙනෙකු තුවාල ලබා ඇති බව පළාත් පාලන ආයතන පවසයි. යේමනයේ හූතිවරුන් මෙම ප්‍රහාර එල්ල කළ බව සෞදිය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නාවි පිල්ලේට 2026 නොබෙල් සාම ත්‍යාගය නවනීදන් පිල්ලේ මහත්මිය වෙත පිරිනැමීමට නෝර්වීජියානු නොබෙල් කමිටුව තිරණය කර තිබේ.

Read More

බන්ධනාගාර පාලනය වෙන්නේ 1877 සම්මත කළ ආඥා පනතකින්. පනත මගින් අමාත්‍යවරයාට බලය තිබෙනවා රෙගුලාසි පනවන්න. මෙහිදී පොදු සිරකරුවන් ගැන තමයි බොහෝ විට ඳසහන් වන්නේ. රිමාන්ඩ් ගත වුණ හිමිවරුන් බන්ධනාගාරයේ සිටින්නෙත් අධිකරණයට ඉදිරිපත් කරන්නෙත් සිවුර දරාගෙන.

Read More

බන්ධනාගාර ගත කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා හා තෛනිකායික මහා නායක හිමිවරුන් නියෝජනය කරන හිමිවරුන් අතර අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

’සිරිලිය සවිය’ ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝග කළේය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිර දඩුවම් නියම වූ භික්ෂූන්වහන්සේලා තවත් 63ක් බන්ධනාගාර ආඥා පනත අනුව සුදුසු ඇඳුම් (ජම්පර) ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසිය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට වන චෝදනා යටතේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදි අසිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තිබී ඇත.

Read More

අත්අඩංගුවට ගෙන අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර තිබූ සිර දඩුවම යළිත් අද දිනයේ සිට ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

Read More

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකාව අතර වසර 4ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ හත්වන සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට (4) දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

අධිකරණ වරෙන්තු තුනක් නිකුත්ව සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. උන්වහන්සේ තිනියාවල ප්‍ර දේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Read More

නාගරික සංවර්ධන ඉදිකිරිම් හා නිවාස අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගි වාහන 39ක් ආර්ථිකමය වශයෙන් ඵලදායි නොවන ආයතනයේ භාවිතය සදහා අවශ්‍ය නොවන සුඛෝපභෝගි වාහන ලෙස හදුනාගෙන තිබුණද එම වහාන වලින් 23ක් එනම් සියයට 59ක් විශාල වියදමක් දරා අමාත්‍යංශය විසින් තචදුරටත් භාවිත කරණ බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත

Read More

ඉරානයට අයත් හෝ ඉරානය සමඟ සම්බන්ධතා පවත්වන තෙල් ප්‍රවාහන නෞකා 20ක් පමණ ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් සැතපුම් 15ක් පමණ දුරින් ඇමෙරිකා සම්බාධක හේුවෙන් නැංගුරම දා තිබේ. ඉන් සමහර නෞකා ආහාර, ඉන්ධන සහ පානීය ජල හිඟයකට මුහුණ දෙමින් සිටී.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග තුනක මිල ඉහළ දමා ඇත.

Read More

එයාර් බස් ගනුදෙනුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග ඉන්ධන සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසිය.

Read More

මාර්ග අනතුරු අවම කිරීමේ අපේක්ෂාවෙන් රියදුරන් කරන වරදි සඳහා සෘණාත්මක ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ලබන මස සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසිය.

Read More

ලෝක වෙළෙ­ඳ­පොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද එහි බර ජන­තාව පිට නොපැ­ට­වීම සඳහා, රුපි­යල් කෝටි 4,100ක මුද­ලක් ඉදිරි මාස තුනක කාලය වෙනු­වෙන් ඉන්ධන සහ­නා­ධාර වශ­යෙන් වෙන් කිරී­මට රජය තීර­ණය කර ඇතැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ගම්ප­හදී ඊයේ (27) ප්‍රකාශ කළේය. ඒ සඳහා වන යෝජ­නාව කැබි­නට් මණ්ඩ­ල­යට අද (28) ඉදි­රි­පත් කිරී­මට නිය­මත බවද ජනා­ධි­ප­ති­ව­රයා පැව­සු­වේය.

Read More

බද්දෙගම හික්කඩුව මාර්ගයේ බද්දෙගම වවුලගල ප්‍රදේශයේ අද (27) සිදුවූ වෙඩි තැබීමකින් ත්‍රිරොද රථයකින් යමින් සිටි රියදුරා, කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි වැදී ත්‍රීරෝද රථ රියදුරා සහ එහි ගමන් ගත් කාන්තාවක් මරුමුවට පත්වී ඇති බව බද්දෙගම පොලීසිය කියයි.

Read More

හෝර්මුස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට හැකි වන පරිදි ඇමරිකාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

Read More

පොළොන්නරුව වකුගඩු රෝහලේ රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් එහි සේවට කළ පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුරින් තුවාල ලැබූ වකුගඩු රෝහලේ සේවකයින් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත. පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති බවද වාර්තා වෙයි. අද (26) අලුයම 4ට පමණ මෙම පිපිරීම සිදුවී තිබේ.

Read More

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද වැඩි ජන්දයෙන් සම්මතයි

Read More

’’22 ගැන සමාජයේ මොකක්වත් නෑ. නිකන් බොරුවක් පස්සේ ඔබතුමන්ලා විශාල බිල්ලෙක් මවලා තියෙනවා. ඔබතුමන්ලා බැලුවා මෙකෙන් සමාජය පොඩ්ඩක් දෙකට බෙදෙනවා වගේ ඒකෙන් දේශපාලන වාසියක් ගන්න විපක්ෂය කටයුතු කිරිම අපිට පේනවා. අපි ආණ්ඩුවක් ලෙස දෙකට බෙදිලා වැඩ කළේ නෑ මෙතෙක් කල්. මෙකෙන් තමයි චූටි හරි බෙදීමක් වුණේ. ඒක අපි දන්නවා. ඒක නොදැන නෙමෙයි. අපිට ගණනයක් තිබෙනවා. ’’

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක මුදලක් අල්ලස් ලෙස ලබාදුන්චෝ දනාවට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අද (24) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබුණි.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම සහ අන්තවාදී දේශන පැවැත්වීම යන චෝදනාවලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් 15 දෙනාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දඬුවම් නියමකර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.