ශ්රී ලංකා පොලිස් ඉතිහාසය තුළ ඉතාමත් වැදගත් අවස්ථාවක් සටහන් කරමින් 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්රියන්ත වීරසූරිය මහතා අද වැඩ භාර ගැනීමට නියමිතය. ඔහු පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස පොලිස් සේවයට එක්ව පොලිස්පති තනතුර දක්වා ඉහළට පැමිණි පුද්ගලයෙකි. පොලිස් කොස්තාපල්වරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙක් හා සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස ඒ මහතා ක්රම තුනෙන්ම පොලිස් සේවය හරහා ඉදිරියට පැමිණි පුද්ගලයෙකි.
මේ ඔහු පිළිබඳව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයයි


