ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ධුරයෙන් පහ කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය. ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පතිවරයා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.