saravita-anim2

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 02 වන අඟහරුවාදා

Latest News - timelapse 21 hours ago

LATEST

රාජිත හෙට අධිකරණයේ පෙනී සිටින බව නීතිඥවරයා පවසයි

calendar_today 2025 අගෝ 28 - 22:34 remove_red_eye - 174  

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුර

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මේ වන විට පුද්ගලයන් 48 කු මියගොස් තවත් පුද්ගලයන් 50ක් පමණ තුවාල ලබා ඇත.

Read More

මේ දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

තාල වර්ගයට අයත් Ivory Cane Palm / Ivory Palm යන විසිතුරු ශාකය නුදුරේදීම තෙත් කළාපීය සහ කදුකර වනාන්තර ආක්‍රමණය කිරීමේ දැඩි අවධානමක් නිරීෂක්ෂණය වී ඇති බවත් ඒ අනුව ඒ පිළිබඳ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවත් ජ්‍යෙෂ්ඨ පරිසර නීතීඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Read More

හොරොව්පොතාන, කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී අද (28) සවස සිදුවූ මාරක රිය අනතුරකින් පාසල් සිසුවියක් සහ රිය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරොව්පොතාන පොලිසිය කියයි.

Read More

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1005 දරන පොඩිමැණිකේ දුම්රියෙ ගමන් ගත් කාර්මික නිළධාරියකු අද (28) පස්වරුවේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසල දී දුම්රියේන් ඇද වැටී එම දුම්රියටම යටවීමෙන් මිය ගිය බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

Read More

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව අනූනායක හිමියන් වශයෙන් ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් එහි කාරක මහා සංඝ සභාව විසින් නිතරඟයෙන් පත්කර ගන්නා ලදී.

Read More

ජල මූලාශ්‍රවල තිරසර බව රැක ගනිමින් සංවර්ධන කාර්යයන් සිදුකිරීම පහසු කිරීම සඳහා වාංරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වැව්වල සීමා සලකුණු කිරීම යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස හා රිදියගම යන වැව්වල සීමා සලකුණු කිරීමට තීරණය කර තිබේ.

Read More

’’ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කිසි කෙනෙකුගේ විශ්‍රාම වැටුප් සියල්ලම අහෝසි කළ යුතුයි.අපේ රටේ මහජන බදු මුදල් වලින් මේ දේශපාලඥයෝ නඩත්තු කරන්නේ. ඇයි ඒ නඩත්තු කරන්නේ, මොකක්ද අවශ්‍යතාව. එහෙම නම් මැරුණාම කරවල කරලා දුමේ දාලා තියා ගන්නත් ඕන’’ යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසූහ.

Read More

කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි සමූහ මිනී වළක් පරික්ෂා කිරීමෙන් පසු අගෝස්තු මස 26 වෙනිදා එම මිනී වළේ තිබේ පුද්ගලයන් 88 දෙනෙකුට අයත් අස්ථි කොටස් සොයා ගෙන ඇතැයි මෝදර පොලිසිය පවසයි.

Read More

ඉදිරියේදී වැඩ අවසන් කිරීමට නියමිත කෙරවලපිටිය සහස්දනවි ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) බලාගාරයට අදාළව අනුමතිය ලබාගත් කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගත මිල ගණන් වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමේ අවශ්‍යතාව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පෙන්වා දෙන ලදී.

Read More

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 අගෝස්තු මස 27 වැනි දින කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන 27 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති සන්ධානය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබුණද, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කිසිදු වැඩ වර්ජනයක් සිදු නොවූ බව ලංගම සේවක පිරිසක් සඳහන් කළහ.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇඹිලිපිටිය සහ ගොඩකවෙල ඩිපෝ තුනට ඔවුන්ගේ සේවකයන්ගේ වැටුප් ගෙවා ගත හැකි ආදායමක් මාසිකව නොලබන බව අනාවරණය වෙයි.

Read More

ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

Read More

සබරගමු පළාතේ රාජ්‍ය ආයතනවල අතිරික්තව සිටින දහසකට ආසන්න සංවර්ධන නිලධාරීන් වහාම ඵලදායී රාජ්‍ය සේවය සඳහා අනුයුක්ත කරන ලෙස සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා චජනකි රාජරත්න මහත්මිය 27දා නියෝග කළාය.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන පානදුර නිලංකගේ බිරිඳගේ පියා වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

Read More

චීනයේ ජපානයට එරෙහි යුද්ධයේ 80 වන සංවත්සරය සහ දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ’’ජයග්‍රාහී දින’’ චීන හමුදා පෙළපාළියට උතුරු කොරියානු නායක කිම් ජොන් උන්එක්වන බව චීන විදේශ අමාත්‍යාංශය කියයි.

Read More

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අස්ගිරි මහා විහාර පාර්ශ්වයට නව අනුනායක හිමිනමක තෝරා ගැනීම සඳහා එම පාර්ශවයේ මහා නායක හිමියන් ප්‍රමුඛ මහා කාරක සංඝ සභාව අද (28) රැස්වීමට නියමිතය.

Read More

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්ව අවුරුද්දකට ආසන්න වන විට මෙරට පැහැදිලිවම ආර්ථිකය ශක්තිමත්ව සහ ස්ථාවරව ඉදිරියට යන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

Read More

දියවැඩියාවට ගොදුරුවූවන්ගෙන් 80%ක් පමණ නිසි අවබෝධයකින් ප්‍රතිකාර නොගන්නා බවට පවතින සංඛ්‍යා ලේඛන මගින් අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

Read More

පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායෙහි නිලධාරීන් 86000 කට ආසන්න පිරිසක් දිවයින පුරා පොලිස් රාජකාරිය ඉටුකළත් තවත් 30000ක ඌනතාවක් පවතින බව පොලිස්පතිවරහා විසින් සිදුකරන ලද සමීක්ෂණයකදී අනාවරණය කරගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනවියගෙන් සහ ඇගේ ආරක්‍ෂාවට යොදවා සිටින නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය රහස් පොලීසියට අද (27දා) නියම කළාය.

Read More

“වැවට සවියක්” ජාතික වැඩසටහන යටතේ මහවැලි කලාපයෙහි පිහිටි කුඩා හා මධ්‍ය පරිමාණ සියලුම වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනක් ‘ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම පශූ සම්පත් ඉඩම්‍ හා වාරිමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහා පිරිමි අයදුම්කරුවන්ට පමණක් ඉදිරිපත්වීමට හැකි බවට සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (27) දැනුම් දුන්නේය.

Read More

මෙරට විදුලිබල පද්ධතියේ ස්ථායිතාවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ ප්‍රධාන දුර්වල කමක් වුයේ රට පුරා විදුලිය බිඳ වැටීමකදී බලාගාරයේ සිසිලන පද්ධතියට සහ බොයිලර් පෝෂක ජල සැපයුම් පද්ධතියට ආධාරක විදුලි සැපයුම අකර්මන්‍යය වීමයි. එවැනි තත්වයකදී සිසිලනය සඳහා දින හතරක හෝ පහක කාලයක් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට සිදු වීමයි. එ නිසා සැළකිය යුතු මූල්‍ය අලාභයක් ද සිදු වේ.

Read More

මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියමක් වශයෙන් නගරය හරහා දිවෙන මගි ප්‍රවාහන බස් රථ එකාබද්ධ කාල සටහනකට අනුව ධාවනය කරවීමේ පෙරහුරු වැඩසටහනක් සැප්තැම්බර් මස 15 වැනි දින සිට ක්‍රියාත්මක කරන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.