saravita-anim2

2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 14 වන සඳුදා

Latest News - timelapse 14 hours ago

LATEST

වසර 25000කටත් පෙර සිටම මත්ද්‍රව්‍ය භාවිත කරලා

calendar_today 2026 සැප් 11 - 11:41 remove_red_eye - 64  

විද්‍යාඥයින් සිතුවාට වඩා බොහෝ කලකට පෙර මිනිසුන් මනස වෙනස් කරන ද්‍රව්‍ය (මත්ද්‍රව්‍ය) භාවිතා කර ඇති බව නව පර්යේෂණවලින් අණාවරණය වී තිබේ.

මෙරට අධිවේගි මාර්ග පද්ධතිය තුල පසුගිය වසර 04කුත් මාස 09ක කාලය (2019 නොවැම්බර් මස සිට 2024 ජුලි දක්වා) තුල දි ගමන්කළ වාහන එක්කෝටි, අසුදෙලක්ෂ, අනුඑක්දහස්හාරසිය තිහයක් (18,291,430) සදහා පිටවිමේ ටිකට්පත් නිකුත් නොකිරිම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට දළ වශයෙන් රුපියල් මිලියන 4,614.47ක ආදායමක් අහිමවි ඇති බැව් අනාවරණය වි ඇත.

Read More

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

Read More

යේමනයේ හවුති සටන්කරවන් සෞදි රජයේ හිතවාදී හමුදාවන්ගෙන් රතු මුහුදේ උපායමාර්ගික වරාය නගරයක් වන මෝකා අත්පත් කරගෙන ඇත.

Read More

අද දින අළුයම් කාලයේ දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නාඳුනන පුද්ගලයකු විසින් නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු සහ ළමුන් දෙදෙනෙකු ක‍ළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ළමුන් දෙදෙනා මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව දෙහිවල පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

Read More

විස්සයි20 තරග තුනක්, එක්දින තරග පහකින් සමන්විත තුන්කොන් තරගාවවලියක් ටෙස්ට් තරග දෙකක එක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මසපාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලියේ එක්දින තරගාවලිය තුන්කොන් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතරශ්‍රී ලංකාව, පාකිස්තානය හා එංගලන්තය අතර මෙම තරගාවලිය පැවැත්වෙයි.

Read More

රාජ්‍ය වැවිලි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය , ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය වැවිලි සමාගම් පසුගිය කාලයේ පාඩු ලැබුවා නොව පාඩු ලබන තත්වයට හිටපු පාලකයින් පත් කළ බව වැවිලි සහ ප්‍රජා වතු යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කීය.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත එළඹෙන සැප්තැම්බර් 24 සහ 25 යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තීරණය කර තිබේ.

Read More

ඉන්දියානු රජයේ ආරක්ෂක අමාත්‍යවරයා නුවරඑළිය සීතා අම්මන් කෝවිලට පැමිණ ආශිර්වාද පූජාවකට එක් වෙයි.

Read More

නොවැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂය කොංග්‍රසයේ මණ්ඩල දෙකම ජයග්‍රහණය කළහොත් සෑම වැඩිහිටි ඇමරිකානුවෙකුටම ඩොලර් 5,000 (පවුම් 3,700) ක දීමනාවක් ලබා දෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.එය ක්‍රියාත්මක වන ආකාරය හෝ අරමුදල් සපයන ආකාරය පිළිබඳ විස්තර ජනපතිවරයා ඉදිරිපත් නොකළේය.

Read More

ගාල්ල, දෙවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ මාළු වෙළඳසැල් ඉවත් කිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (10) පෙරවරුවේ සිදු කරනු ලැබිය.

Read More

යුරෝපා සංගමයේ දේශගුණික සේවාවට අනුව පසුගිය අගෝස්තු මාසය ඉහළම ගෝලීය උෂ්ණත්වයක වාර්තා වූ මාසයට හිමි වාර්තාව සමකර තිබේ. මීට පෙර 2023 වසරේ ජුලි මාසය ඉහළම ගෝලීය උෂ්ණත්වයක් සහිත මාසය ලෙස සටහන්විය.’එල් නිනෝ’ (El Niño) සංසිද්ධියේ බලපෑම හේතුවෙන් මෙසේ ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේ හත්වන සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවා ගැනීම් සහ නිලධාරීන් උසස් කිරීම් රැසක් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ප්‍රධානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටියදී උන්වහන්සේට මෙම ජනපති පොදු සමාව ලබාදී තිබුණි. ඥානසාර හිමියන්ට 2018 වසරේ අභියාචරාධිකරණය විසින් වසර හයක සිරදඬුවම් නියම කර තිබුණ අතර පසුව උන්වහන්සේ ජනපති පොදු සමාව යටතේ නිදහස් කෙරිණි.

Read More

ඉතාලි නාවික හමුදාවට අයත් ‘ITS GIUSEPPE GARIBALDI’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2026 සැප්තැම්බර් මස 09 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට - කොටහේන පොලිස් වසම.

Read More

උතුරු කොරියාව නව දෙමහල් යුරේනියම් පොහොසත් කිරීමේ පහසුකමක් ඉදිකර ඇති බව ලෝක න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානියා මේ සතියේ ප්‍රකාශ කළේ එය ’’බරපතල කනස්සල්ලට’’ හේතුවක් ලෙසයි.

Read More

පවත්නා දැඩි වියළි කාලගුණයත් සමග මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගනනාවක ගම්මිරිස් වගාවන්ට කදපණු රෝගයක් ව්‍යාප්තව ඇතැයි ජගත් කාලගුණික අරමුදල (JCF) පවසයි.

Read More

පසුගිය වසර 10 තුළ මෙරට දත්ත අනුව සෑම වසරකම 3100 ක් 3500 ක් පමණ ප්‍රමාණයක් සියදිවි නසාගැනීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (මානසික සෞඛ්‍ය) වෛද්‍ය එරංගා රාජපක්ෂ මෙහිදී පැවසීය.

Read More

එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වීම සහ සෞදි අරාබිය තුළ හූති (Houthi) කැරලිකරුවන්ගේ ප්‍රහාර අඛණ්ඩව සිදුවීම හේතුවෙන් බදාදා දිනයේදී බොර තෙල් මිල බැරලයකට ඩොලර් 100 (£74) සීමාව ඉක්මවා ගියේය.

Read More

ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා - ජනපති -දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් 03ක් හුවමාරු කර ගැනේ -මාර්ගගත ක්‍රමය ඔස්සේ බේලි පාලම් 03ක්ද විවෘත කෙරේ

Read More

පසුගිය සති අන්තයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පාසල් ළමුන් ඇතුලු දේශීය සංචාරකයන් රැගෙන නුවරඑළිය පැමිණි පෞද්ගලික බස් රථ 6කට එරෙහිව නොතිසි නිකුත් කිරිමට පියවර ගත් බව නුවරඑළිය පොලිස් කොට්ඨාශ රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රෝෂන් කුරේ මහතා පැවසීය.

Read More

දකුණු කොරියානු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ක්වොන් හියුක්-බින්ට ඔහුගේ හිටපු බිරිඳට වොන් ට්‍රිලියන 2.55 (ඩොලර් බිලියන 1.87; පවුම් බිලියන 1.38) ක වත්කමක් ගෙවීමට නියෝග කර ඇති අතර එය දකුණු කොරියා ඉතිහාසයේ විශාලතම දික්කසාද බේරුම්කරණය සනිටුහන් කරයි.

Read More

රුපියල් පන් කෝටි තිස් හත් ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු 09/09 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන විදේශගත ශ්‍රමිකයින්ට රුපියල් 500,000 සිට රුපියල් මිලියන 10ක් දක්වා නිවාස ණය ලබාගැනීමට අවස්ථාව හිමිවන අතර, එම ණය මුදල උපරිම වසර 10ක කාලයක් තුළ ආපසු ගෙවීමට හැකියාව පවතී.

Read More

මැලේරියාව සහ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10 ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම ඇගයීමට ලක්වේ.

Read More

නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තුළ සිදුව ඇති අස්වැසුම මුදල් වංචාව මත එම අස්වැසුම මුදල් අයථා ලෙස ලබා ගෙන ඇති බවට සැකකරුන හැටන් අධ්‍යාපන කලාපයේ ගුරුවරියන් 05 දෙනකුගේ හා ගුරුවරයෙකුගේ සේවය තාවකාලකව තහනම් කිරිමට මධ්‍යම පලාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

Read More

බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වූ වෙරළාසන්න ප්‍රදේශයේ අත්තනෝමතික ලෙස ඉදිකර ඇති සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙහි පළමු අදියර යටතේ බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් ඇතුළු ප්‍රදේශ රැසක පිහිටි පුද්ගලයන් 8 දෙනකුට අයත් අනවසර ඉදිකිරීම් 19ක් කඩා ඉවත් කිරීමට මේ වන විටත් නියෝග ලබා දී ඇත.

Read More

පසුගිය දින දෙක තුළ ටෙහෙරානය විසින් ඇමරිකානු යුද නෞකාවක් දෙවරක් ඉලක්ක කර ගැනීමෙන් අනතුරුව, ඊට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු හමුදා විසින් ඉරාන තෙල් නෞකා පහකට ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය නිවේදනය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.