දුම්රියක ගැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට
- 23 11 2026
- 08:31
- {{hitsCtrl.values.hits}} views
- ..
2026.11.22 දින රාත්රී චීන වරාය පොලිස් වසමේ කොඩ්බේ ධීවර වරාය ප්රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු දුම්රිය මාර්ගයේ රැදී සිටියදී ත්රීකුණාමලය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටී එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් අනෙක් පුද්ගලයින් දෙදෙනො බරපතල තුවාල ලබා ත්රීකුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවට චීන වරාය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරුවන් අවුරුදු 48 හා 58 වයස්වල පසු වූ මාතර හා දෙවුන්දර ප්රදේශවල පදිංචි ධීවරයන් පිරිසක් වේ. මෘත ශරීර ත්රීකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. චීන වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
