සිංහරාජයේ ජාන සොරකමට සම්බන්ධ චීන්නුන්ට රු. කෝටි 7.6ක දඩයක්
සිංහරාජය රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ සතුන් 300 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ චීන ජාතිකයන් සිවි දෙනෙකු අද (23) වනදා කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් හත් කෝටි හැට හතර ලක්ෂයක දඩ මුදලක් කලවාන මහේස්ත්‍රාත් ඩී.එම් යසස්ත්රී ප්‍රියංගිකා දිසානායක මහත්මිය විසින් නියම කරන ලදි
සිංහරාජය රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ 41 කුලකයකට අයත් ආරක්ෂිත සතුන් 300කට අධික ප්‍රමාණයක් අල්ලා ගැනීම, සන්ථකයේ තබා ගැනීම, වාර්තා නොකිරීම සම්බන්ධයෙන් 2026. 11. 23 වන දින කලවාන ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයන් සිව් දෙනෙකු අදාල චෝදනා 143 කට වරද පිළිගැනීමෙන් අනතුරුව කලවාන මහේස්ත්රාත්තුමිය මෙලෙස දඩ නියම කලාය.ෙ
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ කෘමි සත්ව විශේෂ හා උරගයින් විශාල ප්‍රමාණයක් එකතු කළ විදේශිකයින් සිව් දෙනෙකු පසුගිය (09) වනදා උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් අනුව වනජීවී නිලධාරීන් සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රේරක කලාපයේ දී මෙරටට ආවේණික කෘමී සතුන් සහ උරගයින් එකතු කරමින් සිටි චීන ජාතික පිරිමි පුද්ගලයන් තිදෙනෙක් සහ එක් කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුණි. පසුව ඔහුන් එදින (09) වනදා කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (23) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. නඩුව අද කැදවු අවස්ථාවේදී මෙම දඩ මුදල් නියම කෙරුණි.
මෙම වැටලීම පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක කේ.ඩී.එන්.මුතුකැළුම් ගේ මූලිකත්වයෙන් වනසත්ත්ව අඩවි ආරක්ෂක බුද්ධික ලක්ෂාන්, වනසත්ත්ව අඩවි සහකාර එස්.ටී.රුවන් කුමාර,වන සත්ත්ව නියාමක එස්.එච්.ඩී.මදුරංග , ඩබ්.එස්.එල්.විජේසිංහ , වනසත්ත්ව නියාමක නිලූකා කුමාරි, ක්ෂේත්‍ර සහයක, එන්.වී.ආර්.බුද්ධික, කේ.ඩී.එච්.සනත්,සඳුන් ශිවන්ත, රියදුරු නිමල් දසනායක හා චමිල් ජානක යන නිලධාරීන් විසින් සිදු කරණු ලැබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
