එළවළු මිල දරාගන්න බැරිවෙයි
දේශිය වෙළපොළේ උඩරට සහ පහතරට එළවලුවල මිල විශාල ලෙස ඉහළ යෑම හේතුවෙන් එළවලු වෙළදුන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි ලෙස අසීරුතාවයට පත් වී ඇත.
පසුගිය දිනවල දිවයින පුරා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග එළවලු වගාවට හානිවීම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ගොවීන් අසමත්වීම හමුවේ මෙසේ එළවලු මිල ඉහළ ගොස් ඇති බවයි වෙළදුන් කියා සිටින්නේ.
එළවලු මිල ඉහළ යෑම හමුවේ පාරිභෝගිකයන් එළවලු මිලදී ගැනීම සීමා කර තිබිම නිසා තම ව්‍යාපාර කටයුතුද අඩාල වී ඇති බව හැටන් ප්‍ර දේශයේ එළවලු වෙළදුන් කියා සිටියි.
මාළුමිරිස් කිලෝවක් රු.950-1000, වම්බටු රු.500, අමුමිරිස් රු.800, බෝංචි රු.450, කැරට් රු.600-700, වට්ටක්කා රු.400, අලුකෙසෙල් රු.400, ගෝවා රු.600-650, පිපිඥ්ඥා රු.350, තක්කාලි රු.800, කරවිල රු.800, පතෝල රු.600, නුවරඑළිය අල රු.450, දෙහි කිලෝවක් රු.2000, රතුළූනු කිලෝවක් රු.800ක් වැනි සිල්ලර මිලකට අලෙවි වන බවයි වෙළදුන් කියා සිටියේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
