හෂීනා දෙසැම්බර් 16 නැවත බංග්ලාදේශයට යනවලු
ජනතා නැගිටීමක් හේතුවෙන් බලයෙන් ඉවත් වීමට සිදුවී වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇති පසුබිමක, දෙසැම්බර් 16 වන දින නැවත සිය රට බලා පැමිණීමට බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂේක් හසීනා සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
2024 අගෝස්තු මාසයේ සිට දිල්ලියේ පිටුවහල්ව ජීවත් වන හසීනා, තමන්ව නැවත ඩකා නුවර වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස බංග්ලාදේශ රජයෙන් ඉල්ලා ඇති බව ඇයගේ ප්‍රකාශකයෙකු පැවසීය.
ඇය නියෝජනය කරන 'අවාමි ලීග්' (Awami League) පක්ෂයේ ක්‍රියාකාරකම් තහනම් කර තිබියදීත්, එම පක්ෂයේ ආධාරකරුවන් විරෝධතා සංවිධානය කිරීමත් සමඟ බංග්ලාදේශයේ නැවතත් නොසන්සුන්කාරී තත්වයක් මතුව ඇති මොහොතක මෙම නිවේදනය නිකුත් වී තිබේ.
කෙසේ වෙතත්, හසීනා නැවත පැමිණෙන්නේ කෙසේද යන්න පිළිබඳව පැහැදිලි නැත. ඇයගේ වසර 15ක පාලනය අවසන් කළ, සිසුන් මූලික කරගත් විරෝධතා මර්දනය කිරීමේදී සිදු වූ මාරාන්තික සිදුවීම් සම්බන්ධයෙන්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් බංග්ලාදේශ අධිකරණයක් විසින් ඇය නොමැතිව සිටියදීම මරණ දණ්ඩනය නියම කර ඇත. ඇය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
හසීනාට ඇයට අවශ්‍ය කොන්දේසි මත නැවත පැමිණීමට ඉඩ ලැබෙනු ඇතැයි යන අදහස බංග්ලාදේශ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කබීර් ප්‍රතික්ෂේප කළේය.
2024 අගෝස්තු 5 වන දින, දස දහස් ගණනක් විරෝධතාකරුවන් ඩකා නුවරට පැමිණීමත් සමඟම, ජනකායක් ඇයගේ නිල නිවසට කඩා වැදුණු අතර, එම අවස්ථාවේදී හසීනා ඉන්දියාව බලා පලා ගියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
